subash

subash

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනීසිටින මන්ත්‍රී කණ්ඩායම රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ චෝදනා කළහ. ඔවුන් එලෙස චෝදනා කළේ අද (14දා) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුගියදා අවිස්සාවෙල්ල කොස්ගම සාලාව යුධ හමුද කඳවුරේ 'උප උණ්ඩ ගබඩාව' ගිනිගෙන විනාශ වී යෑමේ වගකීම එම ගමබාව මිට මාස කිහිපයකට පෙර බාරව සිටි හමුදා නිළධාරියා මත පැටැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ලංකාවේ එකම රාජ්‍ය පුවත්පත් නියෝජිත ආයතනය වන ලංකාපුවත් ආයතනයට ලැබී ඇති වාර්ෂික විදෙස් සමුළුවක ආරාධනයට ආයතන ප්‍රධානියා වන නන්ද මුරුත්තෙට්ටුව, ගුවන් විදුලි සංස්ථාවේ මුදලින් ලංකාපුවත් ආයතනයේ විධායක නිලධාරිනියක ද කැටුව සතියක නිවාඩුවකට රුසියාවේ ගොස් ඇති බව ලංකා පුවත් ආයතනයේ සේවකයන් පවසයි. ඇයට මේ සඳහා ආරාධනාවක් ලැබී නැත.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පරිසරික විනාශය ගැන වාර්ථාවක් බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවට බාර දීම, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් ලබන 15 වන දින සිදු කිරීමට නියමිතය.

වසර 1987 දී නිවට රාජ්‍ය නායකයෙකුගේ ආරාධනා ලැබ ලංකා භූමියෙන් තුනෙන් පන්ගුවක ආක්‍රමණික ඉන්දියානු හමුදා වාඩිලා ගෙන සිටිද්දී, කුජීත ආන්ඩුවට විරුද්ධව සටන්කරන තරුණ පරපුරකට දැනුම සම්පාදනය කිරීමට යුද්ධ විද්‍යා පාඩම් සැකසු, 1971 දී එන්ගලන්ත රැජිණගේ කොළඹ ආණ්ඩුව පෙරලා දැමීමට අපිට අයිතියක් තිබේ යයි ඊනියා අපරාධ විනිශ්චය කොමිසමට අභියෝග කළ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ හම්බන්තොට බැද්දේගමක උපන් තරුණයෙක් පසුගිය දා නිහඬවම මෙලොවින් සමුගත්තේය.

දළදා පෙරහැර පැවැත් විමට විශාල බාධා රැසක් ඇතැයි අලි හොරු සංගමය අවධාරනය කරමින් සිටි තවද එය බෞද්ධ විරෝධි කුමන්ත්‍රනයක් බව අවධරනය කරන ඔවුන් NGO නඩය මේ සදහා මුදල් යොදවන බවද පවසයි.

කලෙක ඇඟලුම් කම්හලක හිමිකරුවන් වූ ඒ දෙපළ, එදවස තෙමහල් නිවසක විසූ ඒ යුවළ අද අලුයම 2.00 ට අවදිවී කඩයප්පම් තම්බති. දියණියගේ කශේරුකාවේ ඇද හරින්නට මවක්‌ පියෙක්‌ එසේ වෙර දරති. ඉන්න හිටින්නට තිබූ තැන ඇතුළු සබ්බ සකලමනාවම දෛවය විසින් උදුරා ගනිද්දී, ඒ කිසිවකට උදුරාගත නොහැකිවූ දරු පෙම, එකම දිරිය කර ගනිමින් සිය දිරිය දියණිය සුවපත් කරගැනීම උදෙසා සෑම තත්පරයක්‌ම කැප කරති.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගෙන ආ ඖෂධ නියාමන අධිකාරි පනත අනුව පිහිටවූ එම අධිකාරියේ සභාපතිධුරය ඉසුලූ මහාචාර්ය ලාල් ජයකොඩි මහත හා ප්‍රධාන විධායකධුරය ඉසුලූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වන තැනට වැඩ සලස්වා මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දොස්තර කමල් ජයසිංහව පත් කර තිබේ.

පසුගියදා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සංචාරය සඳහාත් ප්‍රභූ( VIP) පහසුකම් ලබා දෙන්නැයි විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ. පසුගිය මාසයේ උගන්ඩාවේ සංචාරය කිරීම සඳහා වන වියදම සහ ප්‍රභූ පහසුකම් විදේශ අමාත්‍යංශය විසින් ලබා දී තිබිණි.

Connet With Us