subash
අප්පොච්චි ගෙදර යැව්වේ ඇයි අසමින් පසුගිය සමයේ තමන්ට හමුවූ බොහෝ දෙනෙකුගෙන් අදහස් විමසමින් සිටි විමල්ට මේ දිනවල අලුත් ප්‍රශ්නයක් හමුව තිබේ. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ජනතා අදහස් එකතු කළ ලාල් විජේනායක කොමිසම් වාර්තාව පාදක කරගනිමින්ය.
ගාල්ලෙ නෙළුව දෙල්වල ආඳාදොල හරස් කරමින් ධම්මික පෙරේරාට අයත් සමාගමක් විසින් මේවන විට ආරම්බ කර තිබෙන ජල විදුලි ව්‍යාපෘතිය අත් හිටුවන ලෙස විශාල මහජන විරෝධයක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවෙන් එල්ල වන විරෝධන නොතකා ඒ ක්‍රියාත්මක කිරීමට මේ යහපාලන ආණ්ඩුවේ බලධරයන් දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.
ටිම්රාන් කීර්ති - වැඩවසම් ප්‍රභා රශ්මිය හා ධනේශ්වර උභතෝකොටිකය
ටිම්රාන් කීර්ති නම් වූ ප්‍රතිභා සම්පන්න නිර්මාණශීලී කවියා පසුගිය වර්ෂය වෙනුවෙන් පවත්වන ලද සාහිත්‍ය තරඟයෙන් හොඳම කවියා ලෙස පිදුම් ලබා ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ දැන ගන්නට ලැබිණි. එම අවස්ථාවත් සමඟම නිර්මාණ කරුවා සහ පුද්ගලික ජීවිතය අතර ඇති සම්බන්ධය රාජ්‍යයට ගැටගසමින් පවත්නා සමාජ විෂමතාව පෙන්නුම් කර ඇත්තේ ලංකාවාවෙහි සාම්ප්‍රධායික ව්‍යුහයේ ඇති අඩු පාඩුවක් ලෙසය. එනම් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන පුද්ගලයෙකුට රජය නිසි සැලකීම කළ යුතුය යන ඉල්ලීම හෝ චෝදනාව නැගීමෙන්ය.
අද දින කුරුණගල පඩුවස්නුවර විහාරස්ථානයක බෝධි ප්‍රාකාරයක් විවෘත කිරීමේ උත්සවයකට ගිය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට හූ සංග්‍රහයක් භුක්ති විඳිමේ අවස්ථාව ලැබි තිබේ.
අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බය සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත ‛උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත.
විගණකාධිපතිවරයා තමන්ව අග්‍රාමාත්‍යවරයා අරලිය ගහ මැදුරට කැඳවූ බවට යන මාධ්‍ය ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තුවේ මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට පමණක් ප්‍රතිචාර දක්වා පාර්ලිමේන්තුවට ගිය බවත් පවසයි.
යහපාලනයේ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි !
බිලියන 2.2 ක දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කර නැවත නිසි ක්‍රියාපටිපාටිය යටතේ ගල් අඟුරු සැපයුම් කරුවකු තෝරා ගන්නා ලෙස අද දින(24) ශ්‍රේෂ්ඨාධිකරනය බලශක්ති අමතයංශ්‍ය වෙත නියෝග කළේය. මෙම ටෙන්ඩරය පෞද්ගලික සමගමක් වෙත පක්ෂග්‍රාහීව පැවැරීම සම්බන්ධයෙන් අමත්‍යංශ ලෙකම්වරයා හා ප්‍රසම්පාදන කමිටුව කටයුතු කර තිබූ ආකාරය ගැන තමා කම්පනයට පත් වූ බවද විනිසුරුවරයා පැවසීය. මෙම ගල් අඟුරු මගඩිය ගැන මුල් වරට මාධ්‍යකින් හෙළි දරව් කලේ ලංකාඩේලි වෙබ් අඩවිය විසින්ය.
ආණ්ඩුවෙන් වෙන්වී වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අරමුණු කොට ගත් ' වෝටර්ස් එජ් ටීම් ' ලෙස මේවන විට හඳුන්වනු ලබන කණ්ඩායම අප විසින් හෙලි දරව් කිරීමන් පසුව අර්බුදයකට ගොස් ඇතැයි වර්තාවේ. ඉතා රහසිගතව සංවිධානය කළ මෙම හමුවේ තොරතුරු එළිදරව් වීම නිසා මුල් සාකච්චාවට හවුල් වූ කණ්ඩායමෙන් පිරිසක් පසු සාකච්ඡාවලට හවුල් කර ගැනිමෙන් වැලැකිනි . එමෙන්ම එම සාකච්ඡා සෑම අඟහරුවාදා දිනයකම වොටර්ස් එජ් හොටලයේ පැවැත්වුණු නමුත් ඒ නොපවත්වා මෙයට මූලිකත්වය ගත් ඇමැතිගේ කාර්යාලයේ පැවැත්වීමටද තීරණය කර තිබිණි.
විනිසුරුවන් 23ක් තිලිණට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට ගිවිසගෙන.
නිතීවිරෝධිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුණද විනිසුරු තිලිණ ගමගේට අධිකරණයෙන් ලැබෙන අනියම් සහයොගයට හේතුව වී ඇත්තේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරුවරුන් 23 දෙනෙක් විනිසුරු තිලිණට සහය ලබාදීමට මේවනවිට එක්ව කටයුතු කිරීම නිසා බව හෙලිව තිබේ.
කොමිස් ජාවාරමට ඉඩ නොදුන්නැයි ලිට්‍රෝ ගෑස් සභාපති දොට්ට !
ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සැපයුම්කරුවකු තෝරා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා ලිට්‍රෝ සමාගමට වඩාත්ම වාසිදායක ටෙන්ඩරයට ඒ ලබා දීමට කටයුතු කළ ලිට්‍රො සමාගමේ සභාපතිවරයා ඇතුලු එම අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කිරීමට යහපාලන බලධාරීන් තීන්දු කර තිබේ. මෙයට හේතුව වී තිබුණේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සමාගමට ගැස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉහළ බලධාරීන්ගේ හිතවත් සමාගමකට ලබා දීමේ උත්සායය.
