subash

subash

ලංකාවේ පන්සල් වලට යන්නේ ඉස්සර නිවන් මාර්ගය අවබෝධ කරගන්න නැත්නම් සුද්ධ සිංහලෙන් කිව්වොත් හිතට නිවනක් ගන්න. ලංකාවේ සමහර සුපිරි පන්සල්වලට යන්න ඉස්සර ඉදන්ම විදේශිකයන්ගෙන් නම් රුපියල් දෙතුන් දාහක් ගත්තා. ඒත් ලංකාවේ මිනිස්සුන්ටනම් අගේට ඕන පන්සලකට ගිහින් මලක් පහනක් පූජා කරලා එන්න පුළුවන්කම තිබ්බා.

ඒකටත් එක්ක දැන් කොළඹ විතරක් නෙවෙයි ලංකාවේ හතරවටේම පන්සල්වල වැසිකිලියට ගියත් ගාණක් දෙන්න වෙන තත්ත්වයකට පත්වෙලා ඉවරයි. ඒ අස්සේ කොළඹ අලි කලබලයක් නිසා චාටර් වෙච්ච පන්සලක උන්නාන්සේ කෙනෙක් අපායෙනුත් ගරාගෙන කන කතාව දැන් රටටම එළිවෙලා ඉවරයි.

පන්සලේ හදලා තියන අපාය බලන්න යන්නත් රුපියල් විස්සක ටිකට් එකක් කඩද්දි පන්සල තට්ටු ගාණකට හදන්න සල්ලි එකතුවෙනවා කියලා ඉතින් අහන්න දෙයක්ද. පෝය දවසට මේ ආරාමේ බලන්න වැල නොකැඩි සෙනග එන නිසා අපායේ යන්නත් බරගාණක් සෙනග එනවා.

අපායෙනුත් ගරාගෙන කන උන්නාන්සේලාට අලි නෙවෙයි කොටි වුනත් ගන්න තරමට සල්ලි තියෙනවා කියන එක අහන්න දෙයක්ද. හැබැයි ඉතින් මේ උන්නාන්සේනම් ඉන්නේ හරියට රහත්වෙලා වගේ තමයිලු.

අද්‍යතන සමාජය තුල බෞද්ධ භික්ෂුවගේ විනය සම්බන්ධව දැඩි කතාබහට ලක්වීමක් සිදුවෙන වටපිටාවක ථේරවාද භික්ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක වාග් හරඹයන් සහ මතවාද හුවමාරුවෙමින් පවතියි. එවැනි වාතාවරණයක පිරිහෙමින් පවතින බෞද්ධ සමාජයේ විනය සහ භික්ෂු කතිකාවත සම්බන්ධයෙන් ඇති සමාජමය පෙළඹවීම පිළිබඳ සංවාදයට එක්වන්නේ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන්.

ථේරවාද බෞද්ධ භික්ෂු කතිකාවත අද සමාජයේ දැඩිලෙස කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා. ඔබවහන්සේට අනුව මෙවැනි කතිකාවතක් අද බෞද්ධ සමාජයට අවශ්‍යයද?

භික්ෂූන් වහන්සේලා සඳහා කතිකාවතක් අවශ්‍යයයි. ඒකේ සැකයක් නෑ. කතිකාවතක් තුළින් බිහිවෙන්නේ සංඝ සමාජය ඇතුළේ පොදු සම්මුතියක්. අපි දන්නවා ගෙදරකට වුනත් පොදු සම්මුතියක් අවශ්‍යයි. ඒක නිසා සංඝ සමාජයට එය අවශ්‍ය නෑ කියන්න අපිට බෑ. එවැනි කතිකාවතක් හැමදාටම අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩඉන්න කාලේ ඇතිකරපු විනය පද්ධතිය විනය පිටකේ සඳහන් වෙනවා. ඒක හැමදාටම හරියන්නේ නැති නිසා කාලීනව ශික්ෂාවන් වෙනස් කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. හැබැයි එවැනි වෙනස් කිරීම් සංඝ සමාජය පොදුවේ කතාබහ කරලා වෙනස්කරගත යුතුයි.

සංඝ සමාජය කියන්නේ නිවන අරමුණු කරගෙන ක‍්‍ර‍්‍රියාකරන පිරිසක්. අද මෙහෙම කිව්වම සමහරු හිනාවෙන්නත් පුළුවන්. ඒත් ඇත්ත ඒකයි, ඒ නිසා උන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍යවෙන්නේ අධ්‍යාත්මික සම්මුතියක්. ඒත් මේ පනත් කෙටුම්පතේ අඩංගු වෙන්නේ දණ්ඩ මූලික ක‍්‍රමයක්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ විනය විරෝධී ක‍්‍රියාවන්ට ද`ඩුවම් කිරීම මූලික කරගෙන සැකසෙන කතිකාවතක් විදිහටයි. නමුත් අද භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය කරන්නේ මෙවැනි දණ්ඩණය මූලික කරගත්ත කතිකාවතක් නෙවෙයි.

ඒත් අපේ හාමුදුරුවනේ මේක රජය විසින් ගෙන එන පනතක් නෙවෙයි, මේක සම්බුද්ධ ජයන්ති කාර්ය සාධන කමිටුවේ යෝජනාවකට මහනායක හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් සකස් කරනලද්දක් නේද?

ඔව් ඒක ඇත්ත. 1973 දී සිරිමාොව් බණ්ඩාරණායක මැතිණියගේ රජයත් මෙවැනිම පනතක් නිර්මාණය කරන්න උත්සහ කලා.2004 දි රත්නසිරි වික‍්‍රමනායක මැතිතුමා බුද්ධ ශාසන ඇමති ලෙස ඉන්නකොටත් මේ පනත ගේන්න උත්සහ කරලා කරගන්න බැරිවුණා. ඒත් ජනවාරි 12 ඉදිරිපත් කරපු කෙටුම්පතට අදාල යෝජනාවලිය අපේ භික්ෂූන්වහන්සේලා විසින් ඉල්ලා සිටි කතිකාවත සම්බන්ධ යෝජනාව නෙවෙයි. ඒක පැහැදිළිවම කියන්න පුළුවන්. මොකද දැනටමත් විවිධ නිකායන්ට අනුව කතිකාවත් තිබෙනවා. නමුත් භික්ෂූන්වහන්සේලා යෝජනා කරපු කතිකාවත වෙනුවට ආණ්ඩුවේ වුවමනාව උද්දීපනය වෙන කතිකාවතක් පෙරට ඇවිත් තිබෙනවා.

අද අපි දකිනවා විශ්වවිද්‍යාලවල භික්ෂූන්වහන්සේලා සිවුරු පවා පැත්තකට දාලා උද්ඝෝෂණ කරනවා.පහුගියදා අධිකරණයේ තාප්පවල නගින,වාහන රෝදවලට බෙල්ල තියන භික්ෂූන්වහන්සේලා දකින්නට ලැබුණා. මේ සිදුවීම් නෙවෙයිද භික්ෂු විනය සම්බන්ධ කතිකාවතකට දොර ඇරලා දුන්නේ?

බුද්ධකාලීනවා පවා ශාසනයේ අභව්‍ය පුද්ගලයෝ කියලා නම්කරපු භික්ෂූන් හිටියා. චන්න භික්ෂුව පාලනය කරන්න බුදුහාමුදුරුවන්ට පවා නොහැකිවුණ නිසා අවසානයේ බ‍්‍රහ්ම දණ්ඩණය පනවන්න පවා සිදුවුණා. ඒත් මේ කතිකාවතට මගපාදන්නේ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ කාරණාවලට වඩා ආණ්ඩුවේ වුවමනාවන්. දැන් මේ කතිකාවත තුළින් කරන්න යන්නේ එක පොදු කතිකාවතක් බිහිකරනවා වෙනුවට භික්ෂූන් වහන්සේලාගේ අනු නිකායන් 32ටම අදාලව කතිකාවත් 32ක් නිර්මාණය කරන්න අනුබල දෙන එකයි. අපි සුද්දට චෝදනා කරනවා බෙදුම්වාදය ඇතිකරනවා කියලා අතීතයේ ඉඳන්ම, ඒත් අද ලංකාවේ ආණ්ඩුව පනත් මගින් සංඝ ශාසනයේ බෙදුම්වාද වපුරනවා. අපි රජයට බලකරන්නේ එක පොදු කතිකාවතක් නිර්මාණය කරන්න කියලා. නැතිනම් මේකෙන් වෙන්නේ බෙදුම්වාදය නීතිගත කරන එක. මොකද මේ අනුනිකායක් තමන්ගේ කතිකාවත අතුලේ පොදුවේ විරුද්ධ වෙච්ච කරුණක් වුණ භික්ෂූන්වහන්සේලාට රියඳුරු බලපත‍්‍රය ලබාගත හැකියි කියලා සම්මත කරගත්තම මොකද වෙන්නේ. අපේ රටේ පවා අද භික්ෂූන් වහන්සේලට වාහන පූජකලාට රියඳුරෝ පූජකරන්නේ නෑනේ. ඒක නිසා කාලීනව අවබෝධයකින් තොරවයි මේ යෝජනා සිදුකරලා තියෙන්නේ.

ඔබ වහන්සේ වරක් ප‍්‍රකාශකරලා තිබුණා “රෑට ක්ලබ් ගානේ ගිිිහින් දවල්ට පාර්ලිමේන්තු එන දේශපාලනඥයෝ බෞද්ධ භික්ෂුවගේ විනය හදන්න එනවා“ කියලා.

ඒක සහතික ඇත්ත. මේ පනත සම්මත කරන්නේ කොතැනින්ද? පාර්ලිමේන්තුවෙන්. එතකොට ක්ලබ් ගානේ ගිහින්, අන්ත ¥ෂිත වැඩකරන මිනිස්සු පිරිසකට බෞද්ධ භික්ෂුවකගේ විනය සම්බන්ධව තීරණගන්න කියලා බාරදෙන්න පුළුවන්ද. මේ කතිකාවත සම්බන්ධ පනතේ එක් වගන්තියක සඳහන්වෙනවා යම් ලිඛිත නීතියක් උල්ලංඝනය වන අවස්ථාවකදී කියන කොටස. මෙතනදි ස`ගවලා ප‍්‍රකාශකරන්නේ දණ්ඩ නීති සංග‍්‍රහය හෝ අපරාධ විධිවිධාන පනත ගැනයි. එතකොට මේ පනතෙන් ඉඩලබාදෙන්නේ එවැනි තැනකටද කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා. අපහාසයකට නෙවෙයි මෙහෙම අහනේනේ, මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද හරියාකාරව භික්ෂු විනය සම්බන්ධව අවබෝධයක් තිබෙන කෙනෙක්. රටේ පළමුවෙන් පුරවැසියාගේ ඉඳන් අන්තිම පුරවැසියා දක්වා අඩුවැඩි වශයෙන් ¥ෂිතයි. එහෙම වෙද්දි පාර්ලිමේන්තුවේ විතරක් දුසිරිතෙන් තොර පුද්ගලයෝ ඉඳීවි කියලා බලපොරොත්තු වෙන්න බෑ. එහෙව් පාර්ශවයක්ද අද භික්ෂූන්ගේ විනය සම්බන්ධව තීරණ ගන්න යන්නේ.

යහපාලනය කියන එක වචන මාත‍්‍රයකට සීමාවෙලා වැඩක් නෑ. අතීතයේ සෙල්ලිපිවල සඳහන්වෙන්නේ ලංකාවේ පාලකයෙක්නම් බෝසත් ගතිගුණ තිබෙන අයෙක් වෙන්න ඕන කියලා. ඒත් දැන් ඒක එහෙම වෙන්නේ නෑනේ. එහෙව් නායකයෝ තමයි නිවන අරමුණුකරගෙන යන භික්ෂු සමාජයේ විනය ගැන තීන්දු තීරණ ගන්න යන්නේ. මේවා ගැන අහුවම හිනා යනවා.

අන්තවාදිත්වයට හෝ ජාතිභේදවාදිත්වයට ඇතැම් භික්ෂූන් වහන්සේලා උඩගෙඩි දෙමින් ඉන්නවා. එවැනි ගැටළුවලට මේ පනතේ විසඳුම් තිබෙනවද?

බුදුහාමුදුරුවන්ගේ ඉදිරිපිට අඳනකඩය පවා ගලවලා ගියපු භික්ෂූන් හිටියා. ඒත් භික්ෂූන් සම්බන්ධව විනය තීරණ ගනිද්දි උන්වහන්සේ බොහොම ප‍්‍රවේසම්වුණා. පහුගිය දවස්වල භික්ෂූන්වහන්සේලා සම්බන්ධ සිදුවුණු සිදුවීම් කිසිවක් අනුමත කරන්න බෑ. ඒකට ප‍්‍රධානතම හේතුව තමයි භික්ෂු සංස්ථාව තුළ ඒකමිතියක් නැති එක. මේකට මහනායක හිමිවරු වගකීම භාරගත යුතුයි. උන්වහන්සේලා මැදිහත්වෙලා පොදු බෞද්ධ කතිකාවතකට අවශ්‍ය කටයුතු සම්පාදනය කළයුතුයි.

ඒ විතරක් නෙවෙයි මේ රටේ පාලකයන් ඇතුළු ප‍්‍රජාව අවබෝධකරගන්න ඕන ඇයි මේ විදිහට භික්ෂූන් වහන්සේලා පාරේ කඳුළු ගෑස් පාරවල් කන්නයි, තාප්ප උඩින් පනින්නයි යන්නේ කියලා. බොහෝදෙනෙක් දකින්නේ මේ සිදුවීම්වල අග‍්‍රඵලය විතරයි, ඒවාට හේතුවෙන කාරණා දකින්න කවුරුත් උත්සහ කරන්නේ නෑ.ඒවා අප‍්‍රසන්න සිදුවීම් කියන එක ඇත්ත, ඒත් ඒවා විවේචනය කරනවා මිසක් ගැටළු හොයාගෙන නිවැරදි කරන්න වැඩපිළිවෙලක් නෑ. විශ්වවිද්‍යාලවල භික්ෂූන්වහන්සේලා පාරට බහින එකට දොස් කියනවා ඒත් උන්වහන්සේලාගේ නේවාසිකාගාර ප‍්‍රශ්නය, ශිෂ්‍යාධාර ප‍්‍රශ්නගැන කවුරුවත් කතාකරන්නේ නෑ. භික්ෂු අධ්‍යාපනය අද තියෙන්නේ ඉතාමත් ඛේදනීයය තත්ත්වයක. ඒවාට විධිමත් ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට සිදුකරන්නේ ප‍්‍රශ්නයේ අන්තිම කෙළවර අල්ලගෙන පහරගහන එකයි.

එතකොට මේ පනත හරහා ආණ්ඩුව භික්ෂූන්වහන්සේලාට බලපෑමක් කරනවද? එහෙමත් නැත්නම් භික්ෂූ බලවේගය මෙල්ල කරන්න හදනවද?

ඇත්තම කතාවනම් ආණ්ඩුවට අවශ්‍ය භික්ෂු පරපුර ආම්බාන් කරන්නයි. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ භික්ෂුවකගේ උරුමයපොතේ සඳහන් වෙනවා එදා සුද්දා කරන්න හදපු දේ. යටත් විජිත පාලනය ගෙනගියපු ටොරින්ටන් සාමිලා හාමුදුරුවන්ගේ හිසට වෙඩි තියන්න කියලා අණදුන්නේ අනිත් පිරිසට ආදර්ශයක් ගන්න කියලා. එදා සුද්දට කරන්න බැරිවුණු දේ කරන්න අද ආණ්ඩුව උත්සහ කරනවා. ලංකාවේ භික්ෂුව අන්ත දෙකකින් විමුක්තිය වෙත යායුතු වෙනවා. එකක් සංසාරගත විමුක්තිය එහෙමත් නැත්නම් නිවන සඳහා යන ආධ්‍යාත්මක ගමන. අනික තමයි සමාජ විමුක්තිය. ඒ කියන්නේ සමාජය තුල තිබෙන අසමානබව දුරු කරලා සාධාරණ සමාජයක් ඇති කිරීම. 4 වැනි සියවස දක්වා රහතුන්වහන්සේලා හිටියා කියලා ලිඛිත සාක්ෂි තිබෙනවා, අද ඉන්නවද කියලා අපි දන්නෛ් නෑ හරියටම. ඒත් අදටත් භික්ෂූන් වහන්සේලා සමාජගත විමුක්තිය වෙනුවෙන් අති විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

රාජ්‍ය නායකයෙක්ට රට පාලනය කරන්න දස රාජ ධර්මය සහ සතර සංග‍්‍රහ වස්තුවලින් මාර්ගය කියලා තිබෙනවා. ඒත් එදා සුද්දට බැරිවුණ භික්ෂු පරපුරේ දණ නම්මන කාර්යය කරන්න 1948 න් පස්සේ බලයට ආපු ඞී.එස් ලා විද්‍යාලංකාරේ වටකරලා කටුකම්බි ගැහුවා, ජේ.ආර් ආණ්ඩුව ගැටඹේ පන්සල මැදින් කම්බි ගැහුවා, ඊටත් පස්සේ සෝභිත හාමුදුරුවෝ වගේ චරිතවලට කාණුවේ දාගෙන පහරදුන්නා. ඒත් භික්ෂූන්වහන්සේලා කියන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරලා දෙන දානේ වේල අරගෙන ජීවත්වෙන පිරිසක්. අපිට ඒ මිනිස්සු වෙනුවෙන් ආගමික වගේම ලොකු සමාජ වගකීමකුත් තියනවා.

අපිට ලොකු සැකයක් තිබෙනවා ආණ්ඩුව මේ සියලූම සංවර්ධන සහ සංශෝධන වැඩ පැත්තකට දාලා හාමුදුරුවෝ මට්ටු කරන්න එන්නේ ඉස්සරහට ජනතා විරෝධී වැඩ කිරීමේ සැලසුම් තබාගෙනද කියන එක. මොකද මේ ආණ්ඩුව වටකරගෙන ඉන්නේ දේශීය වගේම විදේශීයවත් රටවල් පිටින් ගිලපු චරිත. රටේ භික්ෂු පරපුරට දුර පේනවා. ඒ නිසා මූලික කටයුත්තක් විදිහට භික්ෂු පරපුර මර්දනය කරන්න යනවද කියන සැකය තිබෙනවා. ඒ වගේම මේ පනත ගේන්න මූලික කාර්යභාරයක් කරන්නේ නීතිය පිළිබඳ හසල දැනුමක් තියන බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේ මේ පනතේ තියනවා කියලා එතුමාට අහුවුණේ නෑ කියනවනම් ඒක බරපතල තත්ත්වයක්. එහෙමත් නැත්නම් එතුමා මේක ව්‍යවස්ථාවට පටහැනියි කියලා දැන දැනම ඉදිරිපත්කලේ කාගේ බලපෑමටද කියලා හිතන්න ඕන කරුණක්. මොකද මේ පනත හරහා කරන්න හදන්නේ සංඝ සමාජය තුළ බෙදුම්වාදයට නීතියෙන්ම ඉඩදෙන්න. එතකොට සංඝ සමාජය ඇතුළේ කාකොටාගනිද්දි ආණ්ඩුවට තමන්ගේ පාඩුවේ වැඩටික කරගන්න පුළුවන්.

එතකොට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්වා කතිකාවතක් අත්‍යවශ්‍යයි කියලා. මොනවිදිහටද බෞද්ධ භික්ෂුව සම්බන්ධ කතිකාවතක් සමාජගත විය යුත්තේ?

මෙතනදි මූලික විය යුත්තේ අනු නිකාය 32 මහනායක හිමිවරු,අනුනායක හිමිවරු, ලේඛකාධිකාරී හිමිවරු කියන මේ 96 දෙනායි. උන්වහන්සේලා එක තැනකට එකතුවෙලා කොයිතරම්හරි කාලයක් අරගෙන පොදු එක`ගතාවයකට පැමිණිය යුතුයි. එක් එක් නිකායට වෙන වෙනම චර්යා පද්ධති, ආචාර ධර්ම හදනවා වෙනුවට පොදු බෞද්ධ කතිකාවතකට අවශ්‍ය කරුණු එක්රැුස්කරගත යුතුයි. ඒ වගේම මේ මේ තීන්දු තීරණ ගන්න නීතිමය බලයක් දෙන්න කියලා ඉල්ලීම් කලයුතුයි. සමථ මණ්ඩලයට තිබුණා වගේ සීමාසහිත අධිකරණ බලයක් තමයි අපි ඉල්ලා සිටින්නේ, නැතුව මහාධිකරණ බලයක් නෙවෙයි. එතකොට ඒ නිර්මාණය කරගන්න කතිකාවත ඇතුළේ විනය විරෝධී ක‍්‍රියා සිදුකරන භික්ෂූන් වහන්සේලාට මුලින් අවවාද දීලා පස්සේ තීන්දු තීරණවලට යන තත්ත්වයක් ගොඩනගන්න පුළුවන්.

එහෙම නැතිව අධිකාරීබලය පාවිච්චි කරලා මේ ආණ්ඩුව මෙන්න මේ දේවල් මේ කතිකාවතට ඇතුළත් විය යුතුයි කියලා බලකරනවනම් සම්පූර්ණ වැරදියි. පොළොන්නරු කතිකාවත වෙලාවේ පරාක‍්‍රමබාහු රජතුමා උපාසකයෙක් විදිහට වෙස්වලාගෙන ඒ කටයුතු අධීක්ෂණය කලා මිසක් අධිකාරීබලය පාවිච්චි කරලා බලකිරීම්කලේ නෑ. අපි කියන්නේ නෑ භික්ෂුව පාරිශුද්ධයි කියලා. රටේ මුල්තැන් වැරදි කරනකොට ඒවා ආදර්ශයට අරගෙන රටම වැරදි කරනවා. එතනදි භික්ෂුව විතරක් සුද්ධවෙන්න විදිහක් නෑ. හැබැයි අපි කරන ඉල්ලීම තමයි කාලීන සංශෝධන සහිතව විනය පිටකයට අනුව භික්ෂු ශික්ෂා නිර්මාණයකරනවා මිසක් බලහත්කාරයෙන් රජයට අවශ්‍ය දේවල් ඉටුකරගන්න දෙන්න බෑ. ඇතැම් හාමුදුරුවරු මේ පනතට හොඳයි කියන්නේ ලණුවේ ගැටේ දාලා දීලා තොණ්ඩුව දාන්න කියලා වගේ. හැබැයි මේ පනත හරහා එන්නේ අපි ඉල්ලපු කතිකාවත සම්බන්ධ කාරණානම් නෙවෙයි කියන එක නුදුරු දවසක හොඳටම පැහැදිලි වේවි


විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැති ලක්ෂමන් කිරිඇල්ල කටඇරියොත් කතා කරන්නේ යහපාලනය ගැනය. නමුත් ඉතිහාසයේ පළමුවෙනි වතාවට එළිපිට තමන්ගේ පුද්ගලික හැඳුනුම්කමක් ඇති පුද්ගලයෙක්ට කථිකාචාර්ය තනතුරක් ලබාදෙන ලෙස අංශාධිපතිවරයෙක්ට රාජකාරී ලිපියක් යවන්නට තරම් කිරිඇල්ල පත්වතිබීම තුළින් කිරිඇල්ලලාගේ යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන තත්ත්වයක් උද්ගතවී ඇත.

පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර ව්‍යාපෘතියක් බවත් එහි දී සිදු වී ඇති ගණු දෙණු හා චීන සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම් නීති විරෝධී වන බවත් යග එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිට වූ පසුව වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන බව ද ඔහු පවසා සිටියේය.

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන සංඝදාසගේ චූටි කලිසම නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත.

පොදු විපක්ෂය කියලා ආතක් පාතක් නැතිව නන්නත්තාරවෙලා ඉන්න දේශපාලන අනාථයෝ පිරිස අටවාගන්න  යන අලුත් පක්ෂයේ තනතුරු බෙදාගන්න බැරිව දැනටම කචල් කියලා වටින් ගොඩින් ආරංචි මාර්ග ලාබෙනවා. මේ කචල් වලට ප්‍ර‍ධාන හේතුව වෙලා තියෙන්නේ අලුත් පක්ෂයේ ජාතික සංවිධායක තනතුරට නන්නත්තාර වෙලා ඉන්න රජ පවුලේ කෙනෙක් සහ දකුණේ කොට දේශපාලඥයෙක් බරපතලව රණ්ඩු පටන් අරගෙනලු.

දකුණේ ඉඳගෙන ජාතික සංවිධායකකමට ඉව අල්ලන දේශපාලඥයා කියනවලු පක්ෂේ පරාද වෙන්න ප්‍ර‍ධාන හේතුවක් වුන හිටපු රාජකීය පවුලේ සාමාජිකයාට මේ තනතුර දෙනවනම් තමන් පක්ෂේ පළාතේවත් ඉන්නේ නෑ කියලා. කොහොමවුනත් මේ කතාව අනුමත කරලා ඒ මතයේම ඉන්න පිරිසක් අනාථ කණ්ඩායම ඇතුලේ හැදිලා ඉවරයිලු.

ඒ වගේම හිටපු රාජකීය පවුලේ සාමාජිකයාට තනතුර දෙන්න ඕන කියලා හොරොන් හොරෙන් වැඩ කරන පිරිසකුත් කණ්ඩායම ඇතුලේ හැදිලා ඉවරයි. ඒක නිසාම අලුත් පක්ෂය අටවගන්න වැඩේ දැන් ජල්බරියක් වේගෙන එන පාටක් තමයි තියෙන්නේ. කොහොම වුනත් ඒ හැමදේම අස්සේ පක්ෂේ කඩලා දානවා කියලා නිදහස් පක්ෂෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට චෝදනා එල්ල කරන නිසා එතුමත් දැන් වැඩේට දරුණු විදිහට පස්ස ගහන්න පටන් අර‍ගෙන.

ඒක නිසා දැන් අනාථ පිලේ අලුත් පක්ෂේ වැඩේ අවුල් ජාලාවක් වෙලා, කචල් ගොඩක්වෙලා අන්තිමට ඇරඹුමම කඳුලක් වෙලා කියලා තමයි ආරංචි

මේක සෑහෙන්න දිග කතාවක්. වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.

ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවෙර මහතාගේ පෞද්ගලික ලෙකම් ලෙස කටයුතු කරන ජී.ජි.කේ ගාමිණී නැමැත්තා විසින්  අමාතයංශයට තම හිතවතුන් හා හිතවතියන්  13 දෙනෙකු  නිතිවිරෝධී ලෙස අනුයුක්ත කරගනිමින් වැඩි සැලකිලි ලබා දෙන බව ධීවර අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ සේවයෙහි නිරතව සිටි මෙම පිරිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් ද තොරව මෙලෙස අනුයුක්ත කරගෙන ඇත. එසේ අනුමැතියකින් තොරව අනුයුක්ත කරගැනීම ආයතනික නීතිරීති අනුවද බරපතල වරදක් ලෙස දැක්විය හැක. එසේම යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසුව 2015 වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස කටයුතු කර ඇති බවද දැනගන්නට ලැබේ. මොවුන්ගේ වැටුප් අතිකාල දීමනා ගෙවීම් ධීවර වරාය නිතිගත සංස්ථාව මඟින්  සිදු කරනු ලබන නමුත් මේ සේවක සෙවිකාවන් අමාත්‍යංශයේ සේවය කරන බවට පැමිණිමේ නාමලේඛනද සාක්ෂි දරයි. එහෙත් පෞද්ගලික ලෙකම්වරයා විසින්  නිතිපතා අතිකාල ලකුණුකර ඒවා ගෙවන ලෙසට අනුමත කර තිබීම බරපතල තත්ත්වයකි.

මෙහිදී මෙම සේවක සෙවිකාවන් වෙත  වැටුපට අමතරව අතිකාල විශාල ප්‍ර‍ාමාණයක් ලබාදිම මෙම ලේකම්වරයා විසින් සිදු කොට තිබේ. ඇතැම් සේවිකාවන්ට මාසයකට අතිකාල පැය 170කට වඩා ඉහල ප්‍ර‍මාණයක් ලබා දී ඇත,ඒ අතර සෙනසුරාදා හා ඉරිදා දිනයන්ද ඇතුළුව පොහොය දිනවල රාජකාරි කල බ මේ අතිකාල සටහන් වල  සඳහන්ය.

කෙසේ නමුත් මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කරමින් තිබේ.

මහින්ද අමරවීර ඇමැතිවරයා යහපාලනය උදාකර දීම සඳහා දැඩි දේශපාලන සටනක නිරතව සිටියදි ඔහුගේ පෞඅද්ගලික ලේකම් වරයා මෙලෙස අමැති බලතල පාවිච්චි කරමින් නිති විරෝදි ලෙස කටයුතු කිරෙමෙන් වන්නෙ ඈමතිවරයාද අවසානයේදී දූෂිතයකු ලෙස කළු පැල්ලමක් දා ගැනිම පමණය.

මේ වන විට රිමාන්ඞ් බාරයේ පසුවන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වක්ර් ආයනතයේ  විධායක අධයක්ෂක වරයා ලෙස කටයුතු  ඇමැති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු නිශාන්ත රණතුංග මහතාට රජයේ සාක්ෂිකරුවකු වී  ප‍්‍රශ්නයෙන් නිදහස් වන ලෙස එම පවුලේ සාමාජිකයන්ගේන් බලපැම් එලා වෙමින් තිබෙන බව වාර්තාවේ.

මෙම නාලිකාව ආරම්භ කිරීම සඳහා අයථ ලෙස මුදල් යෙදුවූවාය යන චෝද්නාව ලබා සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හා ව්‍යාපාරික සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විට රජයේ සාක්ෂිකරුවකු වී සිටින අතර ඔහු සුපුරුදු ලෙස ව්‍යාපාරික කටයුතුවල ද නියැලි සිටී . රණතුංග පවුලේ පිරිස්  පවසා ඇත්තේ සජින් වාස් මෙන් කටයුතු කර මේ ගැටළුවෙන් නිදහස වන ලෙසය. එහෙත් මේ දක්වා නිශාන්ත මහතා ඒ සඳහා කැමැත්ත පල කර නොමැත.

ඒ අතර එම මහතාට ඇප ලබා දෙන ලෙස ඉලමින් පසුගිය 18 වන දින ඇප අයදුම් පත‍්‍රයක් කොළම මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබිණි. නිශාන්ත රණතුංග මහතා ඇතුලූ සි.එස්.එන් ප‍්‍රධානින් අත අඩංගුවට ගන්න ලද්දේ පසුගිය ජනවාරී 30 වන දිනය.පසුව පසුගිය 11 වන දින කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඇප ඉලා සිටියද ඒ ප්‍ර‍තික්ෂේප කෙරිණි.

එංගලන්තයේ මහ රැජින ආසියාවේ ඉහළම කලාශිල්පීන් කිහිප දෙනෙකුට නයිට් පදවි ලබා දිමට තීරණය කරලා තිබෙනවා... ඒ සඳහා ලංකාවෙන් තෝරගෙන තිබෙන්නේ ඔබතුමාව...නැටුම් ශිල්පය වෙනුවෙන් කරපු සේවය අගයලා තමයි මේක දෙන්නේ....‘ මේ මෙරට ප්‍රකට නර්තනාචාර්යවරයකුට මීට වසර දෙකකට පෙර එංගලන්තයේ සිට ලැබුණු දුරකතන ඇමැතුමකි.

නර්තනාචාර්යවරයාට මේ සිතා ගැනීමට අපහසු කරුනක් වූවද එහා කෙලවරේ සිට කතා කළ තැනැත්තා විසින් සති කිහිපයක් තිස්සේ කළ පැහැදිලි කිරීම නිසා ඒ සැකයෙන් වුවත් එකී පරිදි ඉතුරු වැඩ කටයුතු වලට සූදානම් විය.

Connet With Us