subash
රජයේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සඳහා ඇතැමුන් විසින් බොරු ප්‍රචාර ගෙන යන බව මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත. ඔහු මේ බව පවසා තිබුණේ ඊයේ (8) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු CSN ආයතනයේ මුදල් ගනුදෙනු පිළිබඳ චෝදනාවන්ට ලක්ව අත් අඩංගුවට ගත් පිරිසට ඉදිරියේදී මහාධිකරණ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මීට ස්වල්ප මොහොතකට පෙර සිදුවිය.
මහින්දගේ පොරකටු දැන් ගෙවිලාය. කට විතරක් තවම වැඩය.
හොර මගඩි වලින් ජාවාරම් වලින් උපයනු ලැබු මුදල් යොදවා හා රජයේ දේපල යොදවා රූපවහිනි නාලිකාවක් ආරම්බ කිරීම නිසා චෝදනා එල්ලවී රිමාන්ඩ් බන්ධනාගර ගත කරන ලද මහින්ද රාජපක්ෂගේ පුත් යොෂිත රාජපක්ෂ දේශපාලන ඩීල් එකක් මත නිදහස් වුවහොත් හැර අවුරුදු 5 කට වැඩි 20 කට නො අඩු සිර දඬුවමක් ලැබිමට නියමිතය.
"රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!
"රටකට ඕනෑ අපමණ අගයක් - හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්" මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තේමා ගීතය තිබුණේ මේ ලෙසය. එකී මෛත්‍රී යුගය අරඹමින් ඔහු ජනපති ධුරයේ දිවුරුම් දී මේ වනවිට අවුරුද්දක් ගෙවී ඇත. අර කී අපමණ අගය එක් එක් ක්ෂේත්‍රයන්හි එක් එක් ආකාරයෙන් ලැබෙනා අයුරු පෙරමඟ ලකුණු පෙන්නුම් කෙරෙමින් තිබේ.
පොලීසියේ විකාර පරීක්ෂණ, සිසුන් වෙත එල්ල කෙරුණු නින්දිත පොලිස් ප්‍රහාර, දේශපාලන පලිගැනීම් වෙනුවෙන් අත් අඩංගුවට ගැනීම් ආදිය අතරේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දේශපාලන ගමනේ දිශානතිය කවර ආකාරයෙන් තෝරාගෙන ඇතිද යන්න සලකා බැලීම වටී.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව්දෙනා බන්ධනාගාරයේ ආහාර ගැනීමට ප්‍රතික්ෂේප කර තිබේ.
මහින්ද එල්ටීටීයට මුදල් දුන් බවට එමිල් කාන්ත් සාක්කි දෙන ලකුණු!
අභයාරාමය මහින්දට තහනම් කරන්නැයි විහාරාධිපති හිමි උසාවි යයි
නාරාහේන්පිට අභයාරාම විහාරයේ දේශපාලනික සහ වෘත්තීය සමිති කටයුතු සිදු කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් පත්බේරිය විමලඥාන හිමියන් කොළඹ දිස්ත්‍රික් උසාවියට අද (01) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මත්තල වී මැන්ඩිස් අරක්කු සමාගමට සොච්චම් මුදලට විකුණයි
මත්තල ගුවන්තොටුපළ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ වී තොගවලින් කොටසක් මද්‍යසාර නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමක් වන ඩබ්ලිව්.එම් මැන්ඩිස් සමාගම වෙත පාඩු පිට විකුණා දමා ඇති බව වාර්තා වේ.
රජය මෙම වී තොග මිල දී ගත්තේ රු.45ක මුදලකට වන අතර අදාළ සමාගම වෙත ලබා දී ඇත්තේ රුපියල් 42ක මුදලකටය.
