subash

subash

මෙරට සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ජාතිකයන්ට පසුගිය කාලයේ සිදුවූ වර්ගවාදී ප්‍රහාරයන් ගේ ප්‍රමාණාත්මක වැඩි වීමක් සිදුව ඇති බව විදේශීය තානාපති අංශ ආණ්ඩුවට පෙන්වා දී ඇත. මෙලෙස පසුගිය අප්‍රේල් 17 වන දින සිට ප්‍රහාරයන් 20 කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබේ. මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත්තේ බොදු බල සේනා නම් වාර්ගික අන්තවාදී සංවිධානය වෙතය.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ආධාර කිරීම සඳහා බැංකු ගිණුම් කිහිපයක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

මාතර ප්‍රදේශයේ ගංවතුර සහ නායයාම් වලින් විපතට පත්වූ ජනතාවට # අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවී ලිපියක් ලබාගත යුතු ය. # අදාළ බල ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශයේ පැමිණිල්ලක් දැමිය යුතු ය. යනුවෙන් කොන්දේසි ඉදිරිපත් කර ඇති බව මාතර ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අපදාවට ලක්ව සිටින පිරිසට දැනුම් දී තිබෙන බව එම ප්‍රදේශවාසීන් දන්වා සිටී.

මේ සටහන තබන්නේ පසුගිය දිනක ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි සිදුකර ඇති බව කියන තර්ජනය සම්බන්ධවය.

මේ සිදුවීමට පාදක වන හේතුව වන්නේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයක් අතර තුර අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි ඇතිකරගත් කළබගෑනියක් සම්බන්ධව විමුක්ති දුශාන්ත සිය මුහුණු පොතේ කෙටි සටහනක් තැබීමය.

අභිනව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතය...,

යහපාලනය යටතේ දඩාවතේ යන්නටලු රාජ්‍ය ආයතනයක් ගැන ලියන්නට ගත් නිසාත්, මේ මහා ජාතික අපරාධය සිදුවෙමින් තිබෙන්නේ මහ දවාලේ නිසාත් මේ ලියන ලියමනට බුද්ධ ධම්ම සංඝ සරණ යොදා ආශීර්වාද කරන්නට සිත්දෙන්නේ නැත. එනිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට ඒම වැදගත් යැයි සිතේ.

පාලිත තෙවරප්පෙරුම නම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ මහජන නියෝජිතයා.. සරම කැහැපොට ගසා ගෙන ගංවතුර අස්සට පැන එහෙ මෙහෙ දුවමින් කළ කී දෑ සම්බන්ධයෙන් සමාජ ජාලා කැළැඹීමට පත්ව තිබෙනු පහුගිය දින දෙකෙදී දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ව්‍යායාමය අගය කරන්නන් බිහි වෙත්ම ඊට පෙරලා පහර දෙන්නගේ ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය.

මීළඟට නියඟයක්...?

Published in පුවත්
Saturday, 27 May 2017 12:39

දැඩි ගංවතුර තත්වයකට මුහුණ දෙමින් සිටින මේ අවස්තාවේ මේ සටහන තබන්නේ අද දින කොලොම්බියා විශ්වවිද්‍යාලයේ International Research Institute for Climate and Society මගින් නිකුත් කරන ලද ලිපියක් පදනම් කරගෙනයි..

2016 වසරේදී මෙරටට ගෙන්වන ලද තිරිඟු ඇට ප්‍රමාණය සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවේ සඳහන් අගය පිළිබඳ විශාල සැකයක් ඇති වී තිබෙන බව එම ක්ෂෙත්‍රයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරටට තිරිඟු ඇට ආනයන කිරීම සම්බන්ධයෙන් එම ක්ෂෙත්‍ර අධ්‍යනයකදී හෙළිව තිබෙන ආකාරයට 2016 වසරේදී මෙරටට ආනයනය කරන ලද තිරිගු ඇට ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,00,000 කට අධිකය. නමුත් මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ මෙට්‍රික් ටොන් 9,48,000 කට ආසන්න අගයකි.

බොදු බල සේනා නම් ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවදී සංවිධානය මෙහෙය වන ගලබොඩ අත්තේ ඥානසාර නම් කහකඩධාරියාට ජීවිත තර්ජන ඇති බවත් එම නිසා ජීවිතය බේරා දෙන ලෙස පොලිස්පතිවරයාට ඇවිටිලි කර තිබේ.

ජන වර්ග අතර සමඟියට බාධාවන ආකාරයේ සිදුවීම් සඳහා වගකිය යුත්තන්ට එරෙහිව පවතින නීතිය ප්‍රකාරව කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

Connet With Us