subash

subash

ඇමැති මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය මංගල සමරවීර මහතාට ලැබුණද ඔහු යටතේ වන කිසිදු ආයතනයක කිසිදු නිලධාරියකු වෙනස් නොකළ යුතු බවට ජනාධිපතිවරයා නියෝගයක් පනවා ඇති බව ඇමැති සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඇමැති විෂය පථයන් වල සංශෝධනයද සිදුවීම සාමාන්‍ය දෙයක් වූවත් අලුත් ඇමැතිධුර ලැබූ ඇමැතිවරු තමන් කලින් සිටි ධුරවලට අදාල රාජ්‍ය ආයතන ගනනාවක් නව අමාත්‍යංශවල විෂය පථයන් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

අද දින (22) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය වාර්තා කිරීමට යැයි කියමින් මාතර රෝහලේ වා‍ට්ටුවකට ඇතුල් වීමට යත්න දැරූ හිරු මාධ්‍යවේදියාට රෝහල් ආරක්ෂක අංශ විසින් පහර දුන් බවට පලවන පුවත් පට්ට පල් බොරුක් බව වාර්තාවේ.

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැළෑ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදාල කැබිනට් පත්‍රිකාවට මේවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩම් නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

අද සිදුවූ ඇමැති මාරුවේ වැදගත්ම සංසිද්ධි දෙක නම් මංගල සමරවීරට මුදල් ඇමැතිකම හිමිවීමත් රවී කරුණානායකට විදේශ ඇමැතිකම හිමිවීමත්ය..

දෙදෙනාටම අලුත් ඇමතිකම් මඤ්ඤං විය හැකිය..

ශ්‍රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට තල්ලු කිරීමට නිසැකවම එය හේතුභූත වෙනවා ඇත. කහ සිවුරු පොරවා ගත් මේ ‘කව්බෝයි’ පන්නයේ භික්ෂූන්ට රටේ සිටින ඇතැම් දේශපාලනික කණ්ඩායම් පිටුබලය සපයන බව ප්‍රසිද්ධ රහසකි.

කහකඩ ධාරී ඥානසාර සහ ඔහුගේ බොදු බල සේනා සංවිධානයට මේ දිනවල අරමුදල් හිඟය. රාජපක්ෂ කාලයේදී නම් ඒවා රාජපක්ෂවරු විසින් සපයා තිබූ බව වාර්තා වී තිබේ. එහෙත් දැන් රාජපක්ෂලා තමන්ගේ අතින් වියදම කරගෙන හරක් බලන්නෙ නැත. රාජපක්ෂ සමයේදී ලැබුණා වූ වරප්‍රසාදයන් කොන්ත්‍රාත් ටෙන්ඩර් ජාවාරම් කොමිස් මේ ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැති වීම නිසා තමන්ට වගතුවක් වෙන්නෙ යළි රාජපක්ෂලා බලයට පැමිණ විට පමණකැයි කල්පනා කරන පිරිස් තමගේ අතින් වියදම් කරගෙන හෝ රාජපක්ෂලාව බලයට ගෙන ඒමට දැඩි උත්සාහයක් දරමින් සිටී.

මාස කිහිපයක් පුරා සාකච්ඡාව ගැනෙමින් තිබූ ඇමැති මණ්ඩල සංශෝධනය එළඹෙන සඳුදා උදෑසන නියත වශයෙන්ම සිදුවන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. මේ වන විට සියලුම ඇමැති මණ්ඩල සාමාජිකයන්ට සඳුදා උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමට කටයුතු කොට ඇත. එමෙන්ම මේවන විට විදේශ ගතව සිටින සියලු ඇමැතිවරුන්ද එම අවස්ථාවට පැමිණිය යුතු බව දැන්වීමද සිදු කර ඇත.

ඊයේ රාත්‍රී (19) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති රයිගම් ටෙලි සම්මාන නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදී වැඩිම නිර්දේශ ප්‍රමාණයක් හිමිවූයේ ලලිත් රත්නායකගේ ‘තනි අතට යන පාර‘ සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘බොහිමානුවා‘ යන ටෙලි නාට්‍ය දෙකටය.

වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් ඇතැයි පැවසුනත් කුමන හේතුවක් නිසා හෝ එවැන්නක් සිදු නොවිනි. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල ද එයින් වැඩි ප්‍රයෝජනයක් සිදු නොවනු ඇති බව මගේ අදහසයි. අපට දැනට සිටින්නේ උදාසීන/කුසීත සහ කිසිදු වගවීමක් නොමැති අමාත්‍ය මණ්ඩලයකි (මෙයට යම් ව්‍යතිරේක ඇත). එකම පුද්ගලයින්ගේ විෂයයන් මාරු කර දීමෙන් වෙනස් ප්‍රතිපල ලැබේයැයි අපේක්ෂා කල හැකිද? ඉසේ ඇම්මට විසඳුම කොට්ටය මාරු කිරීම නොවන බව අපි කවුරුත් දනිමු.

Connet With Us