subash
විප්ලවයකින් තොරවම ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් - ජනපති
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
?දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බව වාර්තාවෙයි.
කසාදය නිසා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වසර 7ක් සිරගෙට
නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
රජයේ හා රජයේ අනුමත පාසල්වල 2023 වසරේ තෙවන වාරයේ දෙවන අදියර අද(05) ආරම්භ විය.
චිලි රාජ්‍යයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 112 ක් මිය යයි
චිලි රාජ්‍යයේ Valparaíso ප්‍රදේශයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට කැබිනට් පත්‍රයක්
ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බෙලිඅත්ත පංචපුද්ගල ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද(05) ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
