කසාදය නිසා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වසර 7ක් සිරගෙට

Published in විදෙස්
Monday, 05 February 2024 11:28

නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබී ගේ හිටපු ස්වාමියා ඔහුගේ දික්කසාදයෙන් වසර හයකට පමණ පසු ඛාන් සහ බීබී ට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, දික්කසාදයෙන් පසු ඉස්ලාමයේ අනිවාර්යය පොරොත්තු කාලය සම්පූර්ණ නොකර විවාහ වීම සහ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කර ඇති බවද සඳහන්.

ඒ අනුව කළ විමර්ශනවලදී 2018 වසරේ පැවති එරට මහමැතිවරණයට මාස කිහිපයකට පෙර ඉම්රාන් ඛාන් සිය තුන්වැනි විවාහය ලෙස බුෂ්රා සමඟ විවාහ වීම ඉස්ලාමයට පටහැනි සහ නීතිවිරෝධි බවට රාවල්පිණ්ඩි නුවර ඉම්රාන් සිරගත වී සිටින බන්ධනාගාරය තුළ ස්ථාපිත කළ විශේෂ අධිකරණයේදී තහවුරු වී තිබෙනවා.

කාන්තාවක් වැන්දඹු තත්ත්වයට පත්වීමෙන් හෝ දික්කසාද වීමෙන් මාස තුනක් ගතවනතුරු නැවත විවාහ විය නොහැකි බවට ඉස්ලාමයේ සඳහන් වී ඇති බවත්, ඇය ඉම්රාන් සමඟ විවාහ වී ඇත්තේ සිය පෙර විවාහයෙන් දික්සාද වී මාස තුනක් සම්පූර්ණ වීමට පෙර බවත් එහිදී තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා .

රාජ්‍ය රහස් ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමේ වරදට වසර 10ක් සහ විදෙස් දූතයන්ගෙන් ලැබුණු මිල අධික ත්‍යාග නීතිවිරෝධී අයුරින් අලෙවි කර මුදල් උපයා ගැනීමේ වරදට තවත් වසර 14ක් ලෙස පසුගිය සතියේදී වසර 24ක සිරදඬුවම් නියම වූ 71 හැවිරිදි ඉම්රාන් ඛාන්ට මේ තීන්දුවත් සමඟ බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වී ඇති සම්පූර්ණ කාලසීමාව වසර 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාග නීතිවිරෝධීව අලෙවි කර මුදල උපයා ගැනීමේ වරදට හසුවූ ඉම්රාන්ගේ බිරිය බුෂ්රාට ද පසුගිය සතියේදී වසර 14ක සිරදඬුවම් නියම වූ අතර, පෙරේදා අධිකරණය දුන් තීන්දුවත් සමඟ ඇගේ සම්පූර්ණ සිරදඬුවම් කාලසීමාව වසර 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us