කෙහෙළිය ඇමතිකමෙන් ඉවතට? Featured

Published in පුවත්
Monday, 05 February 2024 11:48

?දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බව වාර්තාවෙයි.

තහවුරු නොකළ රජයේ ආරංචි මාර්ග මේ බව කියා සිටී.

ඔහුට එසේ ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඊයේ (04) දැනුම්දීමක් කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

බන්දනාගාර ගතව සිටින පුද්ගලයකු තවදුරටත් කැබිනට් මණ්ඩයේ තබා ගැනීමෙන් ගැටලු මතුවීමට ඉඩ ඇති නිසා මෙම පියවර ගනු ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රජයේ මුදල් අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති රඹුක්වැල්ල වහාම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලා සිටී.

කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ඔහු තබාගතහොත් ඉදිරි විමර්ශන වලට බාධා එල්ල විය හැකි බවත් එවන් පුද්ගලයකු කැබිනට් මණ්ඩයේ තබාගතහොත් ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇති විය හැකි බවත් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

-P.M

Last modified on Monday, 05 February 2024 12:11

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us