subash
මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (23) එළඹෙන වෙසක් පොහෝ දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.
ලබන මස 3 වැනිදා සිට විදුහල්පති සේවයේ ස්ථාන මාරු ක්‍රියාත්මකයි
ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී වයඹ පළාත් පාසල් එකසිය දහතුනක අත්හිටුවන ලද විදුහල්පති සේවයේ ස්ථාන මාරු ක්‍රියාත්මක කෙරෙන බව එම පළාත් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් - දිස්ත්‍රික්ක 9ක පුද්ගලයින් 35,357 ක් පිඩාවට
වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 9කට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (22) පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.
ලියාපදිංචි නොකළ දන්සල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටි.
IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගත් කොල්කටා කණ්ඩායම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගුවනේදී ගුවන් යානයක් අඩි 6000ක් පහතට වැටීමෙන් බිහිසුණු අනතුරක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් , උඩු ගුවනේදී සිදුවූ අනතුරක් වාර්තා වනවා.
ජපානයේ කොබේහි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දණහිසෙන් පහළ ආබාධිත (F44) කාණ්ඩයෙන් හෙල්ල විසිකළ සමිත දුලාන් ලෝක වාර්තාවක් සමඟ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් විය.
ඡන්දෙට කලින් 13 සංශෝධනය සක්‍රීය කරන්න.. කරූගෙන් ආයාචනයක්
මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන්න යැයි, ජනාධිපති ඇතුළු සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනා කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙන්වෙන් එහි සභාපති කරු ජයසූරිය මහාතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක්
මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
