නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් - දිස්ත්‍රික්ක 9ක පුද්ගලයින් 35,357 ක් පිඩාවට

Published in පුවත්
Wednesday, 22 May 2024 09:27

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 9කට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (22) පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.

බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, ගාල්ල , කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මකයි.

මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 9ක පවුල් 9419ක, පුද්ගලයින් 35,357 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බවවාර්තා වේ.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේයි.

එම සංඛ්‍යාව 32,000 කි.

වර්ෂාවත් සමග කළු ගගේ අතු ගංගාවක් වන කුඩා ගඟ හා අත්නගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරි මාර්ග දෙපාර්ත්මේන්තුව පවසයි.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා කළු ගිං නිල්වලා හා කැලණි යන ගංගාවල ජල මට්ටම් ද ඉහළ යමින් පවතින බවයි.

පැවති වර්ෂාව සමග ඇති වූ සුළඟින් කැලණි වැලි මාර්ගයේ පන්නිපිටිය හා කොට්ටාව අතර දුම්රිය මාර්ගයට ඊයේ පස්වරුවේ ගඩා වැටුණු ගස ඉවත් කර තිබේ.

ගස කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූ අතර අප වාර්තාකරු පැවසුවේ, මගීන් ගේ සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ මැදිහත්වීමෙන් ගස ඉවත් කිරීමට පැය 2ක පමණ කාලයක් ගත වූ බවයි.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් යටවූ ගම්පහ කඳාන සහ ජාඇල මාර්ග තවදුරටත් ජලයෙන් යටව පවති.

බලංගොඩ ප්‍රදේශයට ද ඊයේ පස්වරුවේ සිට දැඩි වර්ෂාවක් ඇද හැළුණි.

වර්ෂාව සමග හමා ගිය දැඩි සුළඟින් බලංගොඩ රාස්සගල ප්‍රදේශයේ නිවසක් මතය කිතුල් ගසක් කඩා වැටී ඇත.

අනතුර පරීක්ෂා කිරීම සඳහා යමින් සිටි අසල්වැසියෙකු මතට ද අසළ තිබූ තවත් කිතුල් ගසක් කඩා වැටී ඇති අතර තුවාලකරුවන් දෙදෙනාම බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර බංගොඩ වටවල ප්‍රදේශයේ නිවසක් මතට ද ගසක් කඩා වැටීමෙන් 54 හැවිරිදි කාන්තාවක් තුවාල ලැබුවාය.

වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යාම හේතුවෙන් හලාවත කලාපයේ සියලුම පාසල් අද යළිත් අධ්‍යන කටයුතු සඳහා ආරම්භ කරන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය දැනුම් දෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us