ගුවනේදී ගුවන් යානයක් අඩි 6000ක් පහතට වැටීමෙන් බිහිසුණු අනතුරක්

Published in විදෙස්
Wednesday, 22 May 2024 07:33

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් , උඩු ගුවනේදී සිදුවූ අනතුරක් වාර්තා වනවා.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුරෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ගුවන් මගීන් 71 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙලෙස තුවාල ලබා තිබේ.

ගුවන් යානයේ මගීන් 211 ක් හා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ගමන් කර තිබු අතර ඉන් ගුවන් මගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ගුවන් යානය උඩුගුවනේ වායු රික්තක කලාපයක, එසේත් නැත්නම් එයා පොකට් එකකට මැදිව මිනිත්තුවක් වැනි කාලයකදී අඩි 6000ක් පහතට පැමිණ ඇති බව වාර්තා වේ. ඇතිවූ මෙම කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව වාර්තා වේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණෙමින් තිබූ මෙම ගුවන් යානය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, බෙංගාලබොක්කට ඉහළින් පියාසර කරමින් සිටින අතරතුරයි.

ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවරට හදිසියේ ගොඩබස්වා ඇති අතර තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීම අරඹා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මගීන් 211 දෙනාගෙන් 131 දෙනෙකු පසුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් ගමනාන්තය වෙත යොමුකර තිබේ.

-P.M

Last modified on Wednesday, 22 May 2024 11:16

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us