subash

subash

උතුරු පළාතේ ජනතාවට ඉඩම් ඔප්පු 5000ක් බෙදා දීම ඊයේ(24) ආරම්භ විය.

හලාවත - ඉරණවිල ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව හලාවත ගොල්ෆ් පිටියක් සැලසුම් කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන වෙනුක මුදුන්කොටුව මහතා මෙවර ප්‍රථම වරට වෙසක් පොහොය නිමිත්තෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී දන්සලක් පැවැත්වීය.

අවුරුදු දහයේ වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 60%ක් අධික ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහිවී ඇති බව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

අදත් තදට වැස්ස

Published in පුවත්
Friday, 24 May 2024 08:38

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ISIS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසයි.

මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්‍රයන් ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජ පැමිණ තිබේ.

ලබන මාසයේ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වීමට පෙර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ද්විපාර්ශ්වික ණයහිමියන් වන පැරිස් සමාජයේ නිල ණය කාරක කමිටුව (OCC) සහ චීනයේ අපනයන-ආනයන බැංකුව (EXIM බැංකුව) සමඟ රජය අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කිරීමට අපේකෂා කරන බව දැනගැනීමට තිබේ.

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීම ලබා දීමට වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Connet With Us