ශ්‍රී ලංකන් ගුවන් සේවය හිමිකර ගන්න අවසන් තරගකරුවන් තිදෙනෙක්   Featured

Published in පුවත්
Thursday, 23 May 2024 19:53

මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්‍රයන් ගෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජ පැමිණ තිබේ.

දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල‍ය අනුග්‍රාහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන ආ මෙරට ජාතික ගුවන් සේවය තවදුරටත් රජ මගින් නඩත්තු කිරීමට නොහැකි වාතාවරණයකට මුහුණ දී ඇති අවස්ථාවක එහි ප්‍රගමනය හා රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම පිණිස රජය විසින් පුද්ගලික අභිලාෂකරුවන්ගෙන් මෙම ගුවන් සේවය ඉදිරියට පවත්වාගෙන යාමට අභිලාෂ කැඳවූ අතර ඒ සඳහා ලංසුකරුවන් 6 දෙනෙක් සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි.

මේ වන විට එම ඉදිරිපත් වූ සමාගම් 6 හි ප්‍රගති සමාලෝචනයන් හී නිරත අමාත්‍ය මණ්ඩලය විසින් මුල් ලංසුකරුවන් හය දෙනාගෙන් ප්‍රමුඛ තරඟකරුවන් තිදෙනෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර අදාල නිර්දේශ හා ශඛ්‍යතා අධ්‍යයනයන් ගෙන් පසුව මෙම කෙටි ලැයිස්තු ගත කිරීම කැබින්ට මණ්ඩලය විසින් සිදු කොට ඇති බව වාර්තා වේ.

මෙම තීරණය වර්තමානයේ ඉතා දුෂ්කර තත්ත්වයකින් මෙන්ම කිසිදු අනාගත සැලසුමකින් තොරව එදිනෙදා වියදම් පිරිමසාගනිමින් පවත්වාගෙන යන මේ රටේ ජාතික ගුවන් සේවයේ පුනර්ජීවනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ තවදුරටත් නිරත වීමට කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් තුනට ඇතුළත් වන්නේ:

Sherisha/Supreme Global Consortium : Sheikh Nayef Bin Eid Al Thani ගේ පුද්ගලික කාර්යාලයේ ජාත්‍යන්තර ආයෝජන අංශය වන MBS Investments වෙතින් සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහයක් ඇතිව මෙම සමුහය Super Global Holdings සහ SHERISHA TECHNOLOGIES PRIVATE LIMITED මෙම බලවත් සන්ධානය ගොඩ නගා ඇති අතර දේශීය සමාගමක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් විසින් ජාත්‍යන්තර ප්‍රමුඛතම සමාගම් ඒකාබද්ධ කරගනිමින් ඉතා විශාල මූල්‍ය ආයෝජනයක් සමගින් රටේ ජාතික ගුවන් සේවයේ හිමිකාරීත්වය දේශීය සමාගමක් සතුව තබා ගනිමින් අන්තර් ජාතික ප්‍රමිතියට අනුකූලව වැඩි දියුණු කරමින් ඉතා කෙටි කලක් තුළ ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කරන අතරම දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියළු රැකියා ක්ෂේත්‍රයන් හී වෘත්තීමය සුරක්ෂිතතාව සහතික කරමින් වඩා උසස් ගුවන් සේවයක හිමිකාරීත්වය ශ්‍රී ලංකාවට උරුම කර දීමට මෙම සහයෝගිතාව මත කටයුතු කරයි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස හී නිර්මාත හා මෙරට ප්‍රමුඛ ව්‍යවසායකයකු වන ආර්.එම්. මනිවන්නන්, මෑත ඉතිහාසයේ සමස්ත ශ්‍රී ලංකාවාසීන් මුහුණ දුන් දැවැන්තම බලශක්ති අර්බුදය තුළ ණය දිගු කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් අතර මෙරට ඉන්ධන අර්බුදය අවසන් කොට සිය ජාත්‍යන්තර සබඳතා ඔස්සේ රට යළිත් යතාවත් කිරීමට ප්‍රමුඛ කාර්යයක් සිදු කළ දේශීය ව්‍යවසායකයෙක් ලෙස ප්‍රසිද්ධය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉහළ නංවමින් සිය ජාත්‍යන්තර සබන්න්ධතා, ව්‍යාපාරික වපසරිය තුළ වඩාත් පරිපූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ගුවන්සේවයක් ලෙසින් මෙරට ජාතික ගුවන් සේවය ප්‍රමිතිගත කිරීමට අවශ්‍ය සියළුම මූල්‍ය ශඛ්‍යතාව හා ජාත්‍යන්තර ව්‍යවසය ශක්තියත්, ක්‍රමෝපායික සැලසුම් සහිත දිගු කාලීන ව්‍යවසාය පරිණතභාවයත් මෙම සමාගම සතු වේ.

Air Asia Consulting :  ගුවන් සේවා උපදේශන ක්ෂේත්‍රයේ හොඳින් ස්ථාපිත නමක් හිමි කරගෙන ඇති ගුවන් සේවා මෙහෙයුම්, උපාය මාර්ගික සැලසුම් සහ උපාය මාර්ග පිළිබඳ විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධ සමාගමකි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය සහ වර්ධනය පිළිබඳ නැවුම් ඉදිරි දර්ශනයක් සහිතව ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව නව යෝජනා සහිතව ඔවුන් විසින් මෙම අභිලාෂයන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වි සිටියි. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඔවුන් විසින් සිය මැදිහත් වීම මත යෝජනා කරයි.

 

Hayleys PLC : කෘෂිකර්මාන්තයේ සිට සැපයුම් සේවා සහ ප්‍රවාහනය දක්වා විහිදෙන ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. කෙටි ලැයිස්තුවට ඔවුන් ඇතුළත් කිරීම ගුවන් සේවයේ මෙහෙයුම් සැපයුම් සහ දේශීය සම්බන්ධතා වැඩිදියුණු කළ හැකි දේශීය ව්‍යාපාරික භූ දර්ශනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව මෙම අභිලාෂකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ.

මෙම කෙටි ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය තුළ මෙරට ජාතික ගුවන් සේවය වඩාත් විශිෂ්ට දේශීය ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය දක්වන උනන්දුව කැපී පෙනෙයි. මගී ගුවන් සේවාකට වඩා එහා ගිය ගෝලීය ගුවන් සේවා ජාලය සමගින් කරට කර තර කළ හැකි ගුවන් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය, මෙන්ම සෙසු ගුවන් සේවා ආශ්‍රීත ව්‍යාපාර ක්ෂෙත්‍රයන් හා ඒකාබශ්ධ වූ නව්‍ය ව්‍යවසාය ක්ෂෙත්‍රයන් හා ඒකාබද්ධ වෙමින් ශී ලංකන් ගුවන් සේවය මෙරට සන්නාමය ලෝකයට වඩාත් අභිමානයෙන් රැගෙන යන ලාභදායි ව්‍යාපාර්යක් කිරීම එහි ප්‍රමුඛතම ඉලක්කයයි.

මේ වන විටත් කෙටි ලැයිස්තුගත කිරීමට පත් ආයතන හට කලාපීය ප්‍රභලයන් ගේ සහයෝගීතාව ඉදිරිපත් වෙමින් තිබේ. එය ශ්‍රි ලංකන් ගුවන් සමාගමට සහ එහි පාර්ශ්වකරුවන්ට මෙම පුද්ගලීකරණ ක්‍රියාවලිය තුළ ලබා ගත හැකි උපරිම ප්‍රතිඵල සහතික කරමින් මෙම ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම තුළ විනිවිද පෙනෙන සහ උපාය මාර්ගික ප්‍රවේශයක් සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලබන රජය හා කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවය හා එහි සේවකයින්ගේ සුරෂිතබව සහතික කිරීමට දරණ අවංක උත්සාහය වෙනුවෙන් ලැබී ඇති ඇගයීමක් ලෙසින් සැලකිය හැක.

මෙම කෙටි ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියට කැබිනට් මණ්ඩලයේ තිරණයන් තුළ තෝරා ගෙන ඇති සමාගම් දෙස බලන විට මෙම ක්‍රියාවලිය ඉදිරියට යන විට, කලාපීය සහයෝගීතාවය තහවුරු කළ හැකි, විශේෂයෙන් කටාර් වැනි ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මැදිහත්වීම හා ජාත්‍යන්තර ශක්තිමත් හවුල්කරුවන් ගේ ඝෘජු සහයෝගය හිමි අභිලාෂකරුවන්ටශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය වඩා උසස් සහ දකුණු ආසියානු ගුවන් සේවාවන් අතර වඩාත් ශක්තිමත් හා විශ්වසනීය ලාබදායි ගුවන් සේවයක් බවට පත් කිරීමේ හැකියාව ඇති බව අවිවාදයෙන් සටහන් කළ හැක.

 

සැබැඳි පුවත්-

 ශ්‍රීලංකන් මිලදී ගන්න සුප්‍රීම් සමාගම සමග කලාපීය දැවැන්තයෙක් එක්වෙයි 

 ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා වූ උපාය මාර්ගික දැක්ම: සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සභාපති ආර්.එම්. මනිවන්නන්  

ශ්‍රී ලංකන් එයාර් මිල දී ගන්න සුප්‍රීම් සමාගමත් ලංසු තබයි 


ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගන්න ආයෝජකයින් 6 ක් 

 ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලන්සු කැදවයි

Last modified on Thursday, 23 May 2024 19:57

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us