ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගන්න ආයෝජකයින් 6 ක්

Published in පුවත්
Tuesday, 23 April 2024 14:13

ශ්‍රී ලං ගුවන් සේවය මිලදී ගැනීම වෙනුවෙන් මෙරට ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් හයක් අභිලාෂ ඉදිරිපත් කර තිබේ.

මේ අතරින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුවන් සේවාවක් වන ෆිට්ස් එයාර් සමාගම මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සභාපතිත්වය දරණ හේලීස් සමාගමද වෙයි.

එසේම මැලේසියාවේ එයාර් ඒෂියා සමාගමද මේ වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව තමිල්නාඩුවේ Sherisha Technologies Private Limited, රජය විසින් විකුණාදමන ව්‍යාපාර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද Treasure Republic Guardians Limited හා Dharshaan Elite Investment Holding (Pvt) Ltd යන සමාගම් ශ්‍රී ලන්කන් මිලදී ගැනීම වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලන්කන් මිලදී ගැනීම වෙනුවෙන් අභිලාෂ කැඳවීම (22දා) අවසන් විය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ විස්තර ඊයේ දිනයේදී අනාවරණය කරනු ලැබීය.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශ්වයන් වන්නේ,

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

එමෙන්ම FITS Aviation සමාගම ජාත්‍යන්තර ගමනාන්ත වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක මෙරට පළමු පෞද්ගලික ගුවන් සේවය ද වෙයි.

අඩු මිල ගුවන්සේවයක් ලෙස පවත්වාගෙන යන FITS ගුවන් සේවය මෙරට සිට මේ වන විට දකුණු ආසියාවේ සහ මැදපෙරදිග කලාපයේ ගමනාන්ත වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වෙයි.

2023 දෙසැම්බර් 31 දින වන විට Hayleys PLC පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතා සතු විය.

මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජූලි මසදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමට නියමිත බවද රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us