අවුරුදු 10 දරුවන්ගෙන් 60%ක් අධිකව ජංගම දුරකථනවලට ඇබ්බැහිවීවෙලා

Published in පුවත්
Friday, 24 May 2024 10:02

අවුරුදු දහයේ වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 60%ක් අධික ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහිවී ඇති බව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

දකුණු පළාතේ පාසල් ළමුන් හාරසියදෙනකු යොදාගෙන වෛද්‍යවරු පිරිසක් මෙම සමීක්ෂණය සිදුකළ බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි ප්‍රකාශ කළේය.

මෙම දරුවන්ගෙන් බොහෝ දෙනකුට රාත්‍රියට නිසි ලෙස නින්ද නොයන බවත් ඔවුන් සෑමවිටම කනස්සල්ලෙන් සිටිනා බවටත් තොරතුරු හෙළිවී තිබේ.
මෙම දරුවන් නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදු නොකරන බවටද කළ සොයා බැලීමකදී තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම මෙසේ ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ට දියවැඩියා රෝගි තත්ත්වය ඇති බවට හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ ශරීරය නිසි ලෙස ක්‍රියාකාරී නොවීමේ තත්ත්වය මත දියවැඩියාව වැලඳෙන බවටද හඳුනාගෙන තිබේ.

එමෙන්ම ඔවුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන අතර මෙම තත්ත්වය මත ඔවුන් පාලනය කිරීමටද දෙමාපියන්ට නොහැකි වී ඇත.
අත්‍යවශ්‍යම නම් ඕනෑම දරුවකුට දිනකට පැයකට වඩා අඩු කාලයක් ජංගම දුරකථන භාවිත කිරීමට ලබාදෙන ලෙස වෛද්‍යවරු මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us