සමාරම්භක උත්සවයඊය යාපනයදී පැවැත්වුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ය.
ඉඩම් කොමසාරිස් ජෙනරාල් බන්දුල ජයසිංහ පැවසුවේ, මේ යටතේ කිලිනොච්චි,මුලතිව්, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට ඉඩම් ඔප්පු ලබා දුන් බවයි.
උරුමය වැඩසටහන යටතේ මෙම ඔප්පු ලබාදීම සිදු විය. වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු 22,000 ක් ලබන මාසයේදී බෙදා දීමට නියමිතයි.
මේ වනවිට ඉඩම් ඔප්පු 18,000 ක් ජනතාවට බෙදා දී ඇති බව ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
උරුමය වැඩපිළිවෙළ යටතේ ජනතාවට බෙදා දීමට නියමිත ඉඩම් ඔප්පු සංඛ්‍යාව ලක්ෂ 20 කි.
-P.M