subash
මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
2024 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27)සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
“මේ රටේ මිනිස්සු එක කාලයක් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගියා, තවත් කාලෙක දුප්පතාගෙ හිතවතා පස්සෙ ගියා, පින්වත් ජනාධිපති පස්සෙ ගියා, විහාර මහා දේවි පස්සෙ ගියා, දුටුගැමුණු පස්සෙ ගියා, එයාගෙන් පස්සෙ පොළොන්නරුවෙ ගැමියා පස්සෙ ගියා, අපේ රණවිරුවා පස්සෙ ගියා. මේ හැම කෙනා පස්සෙන්ම ගිහින් මේ රට අද බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා. ඒ නිසා මේ 76 වසරක ශාපය අපි අවසන් කරන්න ඕන.’’
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රැකියා විරහිත තරුණියන්ට මෙම වසරේ රැකියා අවස්ථා -ජනපතිගෙන් පොරොන්දුවක්
මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
රට සහලින් ස්වයංපෝෂිත කරන ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් -ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය" ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි.
2017 දී ඉදිකිරීම් ආරම්භ කළ කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කෙරේ
දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
ජර්මනියේ පැවති මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේන් යුපුන් අබේකෝන් ජය ලබයි
ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
