රට සහලින් ස්වයංපෝෂිත කරන ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක් -ජනපති

Published in පුවත්
Saturday, 25 May 2024 21:01

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය" ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රට සහලින් ස්වයංපෝෂිත කරන වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් අයිතිය ලබාදීමට හැකිවීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මාන්තයක් රට තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වීම එම වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ඉවහල් වනු ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මෙම වේදිකාවේදී නර්තනාංග කිහිපයක් ඉදිරිපත් කෙරුණා. එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා අප දුටුවා. අප ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් උදව් කළයුතුයි. ඒ පිළිබඳ පළාත් සභාවේ සංස්කෘතික අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන්ට ආධාර උපකාර කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරනවා.

ඊයේ (24) සන්ධ්‍යාවේදී මට යාපනයේ තරුණ තරුණියන්ගේ සංගීතයට ඇහුම්කන් දීමට ද අවස්ථාව ලැබුණා. මට එවන් අවස්ථාවක් උදා වුණේ බොහෝ කලකට පසුවයි. ඔවුන්ගේ ඉල්ලීම අනුව තරුණ සේවා සභාවේ දායකත්වය ඇතිව ඉන්දීය නාට්‍ය ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මෙම ජූලි මාසයේ දී සංදර්ශනයක් පැවැත්වීමට මම පොරොන්දු වුණා. ඔබ සියලුදෙනාට ඒ සඳහා සහභාගිවිය හැකියි.

කිලිනොච්චි ජනතාවට සිනක්කර ඉඩම් ඔප්පු ලබාදීමට අද පියවර ගෙන තිබෙනවා. මෙම ඔප්පු ලබාදීමට පෙර ඒ ඒ පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ලබා ගැනීමට අප කටයුතු කළා. මෙහිදි නව නීති පැනවීමට මම කටයුතු කළේ නැහැ. සුදු ජාතිකයන් ඉඩම් අත්කරගත් නීතියෙන්ම ජනතාවට ඉඩම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. මෙම ඉඩම් අත්කර ගැනීමෙන් පසු සුදු ජාතිකයන් එය ආරක්ෂා කළා. ඒ අයුරින් ඔබත් මෙම ඉඩම් ආරක්ෂා කරගත යුතුයි.

මෙම ඉඩම් හිමිකම මෙහි ජනතාවට ලැබිය යුතු දෙයක් බව මම විශ්වාස කරනවා. අපේ ගොවි ජනතාව රට සහලින් සංවයංපෝෂිත කළා. 2003 වසරේ මම අගමැතිවරයා ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. මෙම වන්නි ප්‍රදේශයේ වගා කටයුතු සිදු කිරීමෙන් රට සහලින් ස්වයංපෝෂිත කළ හැකි බව එදා අප දුටුවා. නමුත් මෙම වන්නි ප්‍රදේශය පැවතුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදින් යටතේයි. අපි සාම ගිවිසුම අත්සන් කර සටන් විරාමයක් ඇති කළ පසු මෙම ප්‍රදේශවල වගා කටයුතු සඳහා පොහොර එවීමට මම එදා තීරණය කළා.

ඒ අයුරින් 2002 වසරේ පොහොර ලබා දීමට කටයුතු කිරීම නිසා, 2003 වසරේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වුණා. කිලිනොච්චි - වන්නි ප්‍රදේශය සහ අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක මෙරට වී වගාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක ලෙස අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇතැම් අයට මෙම වැඩසටහන යටතේ තමන්ගේ නිවාස තිබෙන ඉඩම්වල අයිතිය හිමි වෙනවා. තවත් පිරිසකට තමන් වගා කරන ඉඩම්වල අයිතිය හිමි වෙනවා.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මයක් රට තුළ නිර්මාණය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ සමඟ මීට වඩා ශක්තිමත් සහ තරගකාරී කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කළ හැකි බව අප විශ්වාස කරනවා. ලෝකයේ වැඩිවන ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට අපත් සුදානම් විය යුතුයි. මෙම කෘෂිකාර්මික වැඩසටහනේදි වන්නි ප්‍රදේශයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා

රටපුරා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට අනුව, පළමු අදියරේ දී දඹුල්ල ප්‍රදේශයේ දස දහසකට ඉඩම් ඔප්පු ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළා.
දෙවන අදියරේදී යාපනයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම සිදු වූ අතර එහි තුන්වන අදියර යටතේ අද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. ඒ වගේම හෙට (26) දින උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවට ද ඉඩම් ඔප්පු ලබාදීම සිදු කෙරෙනවා. එසේම මෙම ජුනි මාසය අවසන් වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

උතුරු නැගෙනහිර ජනතාව යුද්ධයෙන් විශාල පීඩාවකට පත් වුණා. එම ජනතාවට අහිමි වූ සංවර්ධනය නැවත ලබාදීම වෙනුවෙන් ජනාධිපතිතුමා කැපවී කටයුතු කරනවා. ඒ වෙනුවෙන් උතුරේ විවිධ ආයෝජන සඳහා අවස්ථාව ලබාදී ඇති අතර එම ආයෝජනවලින් අපේ ජනතාවගේ ජීවනෝපාය දියුණු කළ හැකි බව අප විශ්වාස කරනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය

මේ ප්‍රදේශයේ ජනතාවගෙන් බොහෝ පිරිසක් රජයේ කාර්යාලවලට පැමිණෙන්නේ ඉඩම් ගැටළු විසඳා ගැනීමටයි. මේ වන විට ජනාධිපතිතුමා ඔබේ ඉඩම් ප්‍රශ්නයට සෘජුවම විසඳුම් ලබා දී තිබෙනවා. ඔබට තවදුරටත් රජයේ කාර්යාලවලට යාමට අවශ්‍ය වන්නේ නැහැ.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 45,000ක් පමණ සිටිනවා. ඒ අතරින් ඉඩම් අයිතිය ලබාදීමට නියමිත පවුල් 21,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඉඩම් නොමැති පවුල් දහසක් සිටින බවට ගණන් බලා තිබෙනවා. ඔවුන්ට ද ඉඩම් ලබාදීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා

දීර්ඝ කාලයක් ඉඩම් අයිතිය නොමැතිව සිටි ජනතාවට අද ඉඩම් අයිතිය හිමි වෙනවා. මේ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිතුමාට අප ස්තූතිවන්ත වෙනවා.
කිසිදු සීමාවකින් තොරව අද ඔබට මෙම ඉඩම් අයිතිය හිමි වෙනවා. ඔබ මෙම ඉඩම ආරක්ෂා කරගත යුතුයි. මෙය උගස් කිරීමට හෝ විකිණිමට ඔබට හැකියාව තිබෙනවා. එසේම බහුජාතික සමාගම් ඇවිත් මේ ඉඩම් මිලදී ගැනීමට උත්සාහ කළ හැකියි. එසේ සිදු නොකර ඔබේ ඉඩම් කොටස ඔබේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා

මේ බිමේ උපන් ජනතාවට එම භූමියේ අයිතිය හිමිවිය යුතු බවට මෙහි ජනතා නියෝජිතයන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කලා. එසේම පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ විසින් ලබාගත් ඉඩම් නැවත ජනතාවට ලබාදිය යුතු බවට ද දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කළා. එම ඉඩම් නිදහස් කර ජනතාවට ලබාදීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වූ දා සිටම විශේෂ උනන්දුවකින් කටයුතු කළා. මෙම කටයුතුවලදී ජනාධිපතිතුමාට ඇතැම් ස්ථානවලදී බාධා එල්ල වී තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ වැඩකටයුතු ඉදිරියට ගෙනියන්නේ ජනතාවගේ ඉඩම් ජනතාවට ලබාදිය යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුවයි.
දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න අනිවාර්යයෙන්ම විසඳිය යුතුයි. ජනාධිපතිතුමා ඒ පිළිබඳ නිසි අවධානය යොමු කරමින් කටයුතු කිරීම පිළිබඳ සතුටු වෙනවා.

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය

“උරුමය” වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ලබාදීම අද සිදු කෙරෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 45ක් තුළ මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කළ වැඩකොටස මට විනාඩි 05කින් ප්‍රකාශ කළ නොහැකියි.
රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ පියවර රැසක් ගෙන තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ නීති ඉදිරි මාස කිහිපය තුළදී ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ සමඟ උතුරේ පමණක් නොව සමස්ත රටේම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වනු ඇති බව අප විශ්වාස කරනවා. ඒ පිළිබඳ කාන්තාවක් ලෙස මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us