ඩෙංගු අධි අවදානම් කලාප 71 ක්

Published in පුවත්
Monday, 27 May 2024 08:03

මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් ලබන ජූනි පළමු වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.

මෙම සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පසුගියදා උපදෙස් දුන්නේ ය.

මීට අමතරව, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ නව ගොඩනැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස ද බලධාරීන්ට ඔහු උපදෙස් දී තිබේ.

සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත්තේ, මෙම වැඩපිළිවෙළට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us