ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය විසින් අනුමත කරන ලද මීළඟ සමාලෝචනයේන පසුව තුන්වන වාරිකය ලෙස, ඩොලර් මිලියන 337ක අරමුදල් නිකුත් කරනු ඇත.
කෙසේ වෙතත්, ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අවසන් වන නමුත් පුද්ගලික බැඳුම්කර හිමියන් සම්බන්ධ ණය සහ චීන සංවර්ධන බැංකුවේ වාණිජ ණය කාල සීමාවට පෙර අවසන් කරන්නේ කවදාද යන්න තවමත් අවිනිශ්චිතව පවතී. එහෙත් එම ක්‍රියාවලිය ද ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි ද රජය බලාපොරොත්තු වේ.