ඡන්දෙට කලින් 13 සංශෝධනය සක්‍රීය කරන්න.. කරූගෙන් ආයාචනයක්

Published in පුවත්
Tuesday, 21 May 2024 20:37

මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන්න යැයි, ජනාධිපති ඇතුළු සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනා කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙන්වෙන් එහි සභාපති කරු ජයසූරිය මහාතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය

රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටුකර ගත්

ඒකාබද්ධ ප්‍රයත්නයකට යොමු විය යුතුව තිබේ.

අනාගත ශ්‍රී ලංකාවේ ස්ථාවර පැවැත්ම හා සමෘද්ධිය පිළිබඳව රටට ආදරය කරන්නා වූ සෑම පාර්ශ්වයකම අපේක්ෂාව පිළිබඳව සැළකීමේදී මේ රටේ ජාතික දේශපාලනයට නායකත්වය දෙන සියළුම පාර්ශ්වයන්ගේ අවධානයට ලක්විය යුතු ප්‍රමුඛතම කරුණක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරය ලෙස අපගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

අද වන විට රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය එහිදී ප්‍රමුඛ ලෙස සැලැකිල්ලෙහි තබා ගනිමින් මේ රටේ සියළුම ජාතීන්ට හා ආගමිකයන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සමගි සම්පන්න එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කටයුතු කිරීම සඳහා පෙරමුණ ගැනීම සමස්ත ජාතියේම වගකීම වී තිබේ.

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමග සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, ආරම්භයේ පටන්ම මේ රටේ දේශපාලන නායකයන් වෙත සැමවිටම ආයාචනය කරන ලද්දේ එකී ඉලක්කය සපුරා ගැනීමේ මාවතකට රට යොමුකරන ලෙසටය. අවාසනාවට මේ දක්වාම එය ඉටුකර ගැනීමට ජාතියක් ලෙස අපි අපහොසත්ව සිටින්නෙමු. එමෙන්ම එම තත්ත්වය රටක් වශයෙන් අද අප මුහුණදෙමින් සිටින අවාසනාවන්ත පරිසරයට ද මූලික හේතුවක් වී ඇති බව නිවැරදිව අප වටහා ගත යුතුව ඇති වන්නෙමු.

මෙහිදී අප අවධානය යොමුකළ යුතු ඉතා වැදගත් කරුණක් තිබේ. එනම්, බලගතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් 1948 වර්ෂයේදී අප නිදහස ලබාගත්තේ එදා සිටි සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතිකත්වයනට අයත් සෑම ප්‍රධාන නායකයෙක්ම පාහේ සමගි සම්පන්නව එක් අරමුණකින් යුත් ඉලක්කයක් කරා එකමුතුව ක්‍රියාකළ නිසාම වන බවය.

ජාතික වශයෙන් වූ එදා පැවැති එකී අධිෂ්ඨානය පළුදුවීම සඳහා පසුව සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම බලපෑ බව ද අප නිවැරදිව තේරුම්ගත යුතුව තිබේ. විශේෂයෙන්ම පනහ දශකයේ සිට වර්ධනය වූ ජාතිවාදී හා ආගම්වාදී ප්‍රවණතා හා ඒ තුළ මතුවූ විවිධ ගැටුම් සහ එම හේතුන් මුල්කර ගනිමින් පසුකාලීනව නිර්මාණය වූ තරුණ අසහනය මුල්කර ගත් අරගල හා දේශපාලන වියවුල් අප අද මුහුණදෙමින් සිටින බොහෝ ඛේදනීය තත්ත්වයන්ට මූල බීජ සපයා තිබේ. මෙම තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන බුද්ධිමත්ව කටයුතු නොකළහොත් රටක් ලෙස අපට අත්විය හැකි දුක්ඛදායක ඉරණම් පිළිබඳ අප තුළ බරපතල කනස්සල්ලක් තිබේ. එබැවින් අප රටේ නූපන් අනාගත පරපුරට හෝ යහපත් රටක් උරුම කරදීම සඳහා අප සතුව ඇති අත්හළ නොහැකි වගකීමක් තිබේ.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප වර්තමාන රාජ්‍ය නායකත්වය පෙරටු කරගත් ආණ්ඩුවෙන් මෙන්ම, අනාගතයේදී මේ රටේ ආණ්ඩු බලය අපේක්ෂා කරන සියලූම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ මූලික නීතියට අන්තර්ගත වූ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්ම කිරීම සඳහා සාධාරණ ප්‍රවේශයකට යොමුවන ලෙසටය.

එමෙන්ම බොහෝ පාර්ශ්වයන්හි විවාදයකට තුඩු දී ඇති ඉඩම් පිළිබඳ ගැටළුව විසඳා ගැනීම සඳහා යෝජිත ඉඩම් කොමිසම හරහා විසඳුමක් ලබාගැනීමට නොපමාව ප්‍රවේශ වන ලෙසටය. ඒ අතර, පොලිස් බලතල පිළිබඳ විවාදය තවත් කල් නොහැර අවසන් කිරීම සඳහා උතුරේ සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග අවංක සාකච්ඡාවකට යොමුවිය යුතුව ඇති අතර, එහිදී රටේ මහජන අභිලාශ්යන් හා සමාජ විඥාණයන් පිළිබඳව උතුරේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් බුද්ධිමත්ව සැලකිල්ලට ගත යුතුව ඇතැයි යන්න ද අපගේ පිළිගැනීමයි. මෙහි දී රජයේ ස්ථාවරය දැනටමත් පැහැදිළි කර ඇත.

මෙහිදී අප සැලකිල්ලට ගත යතුව ඇති සුභවාදී ප්‍රවණතා කෙරෙහිද රටක් ලෙස අවධානයක් යොමු කිරීම වැදගත්ය. ශ්‍රී ලංකාව පිළිබඳව මෑතක් වන තුරුම යම් අඳුරු මතයක පිහිටා කටයුතු කළ ගෝලීය ද්‍රවිඩ සංසදය අද වන විට ඉතාමත් සාධනීය ලෙස පෙරට එමින් මේ රටේ මහා සංඝරත්නයට සහ ආගමික නායකයින්, සමඟ මෙන්ම සමාජ හා දේශපාලන කණ්ඩායම් අතර වර්ධනය කරගනිමින් සිටින අවබෝධය හා ගොඩනගමින් සිටින සහජීවනය පිළිබඳව අපගේ ආශිර්වාදය පළකළ යුතුව තිබේ.

එම සියලුම කණ්ඩායම් හා පාර්ශ්ව සමග පොදු ජාතික අභිලාශයකින් යුතුව ස්ථාවර ගමනක් සඳහා මේ රට යොමුකළ යුතුව තිබේ. ඒ පිළිබඳව ඉදිරි මැතිවරණයන්ට පෙර ගනු ලබන ඒකාබද්ධ උත්සාහයක් ලෙස ජාතියක් කරා අප යොමු විය යුතුව ඇත්තෙමු. එම කරුණු සාර්ථක කරගැනීමට හැකිවේ නම් මේ රටේ අනාගත පරපුර වෙත අපට ලබාදිය හැකි වටිනාම ත්‍යාගය එය වනු ඇත.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2024. 05. 21

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us