IPL තරගාවලියේ කොල්කටා කණ්ඩායම අවසන් මහා තරගයට

Published in ක්‍රීඩා
Wednesday, 22 May 2024 09:09

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගත් කොල්කටා කණ්ඩායම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි.

අහමදාබාද්හි පැවති එම තරගයේ කාසියේ වාසියේ දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 39කදී දවා ගැනීමට කොල්කටා කණ්ඩායම සමත්විය.

පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ රාහුල් ත්‍රිපති සහ හෙන්රිච් ක්ලාසන් එක්ව ලකුණු 62ක සබඳතාවක් ගොඩනැගුවේ හයිද්‍රාබාද් ලකුණු පුවරුවට ශක්තියක් ගෙන දෙමිනි.

රාහුල් ත්‍රිපති පන්දු 35කදී ලකුණු 55ක් රැස්කළ අතර හෙන්රිච් ක්ලාසන් ලකුණු 32ක් රැස්කරගත්තේය.

කෙසේවෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 159කි.

මිචෙල් ස්ටාර්ක් ලකුණු 34 ට කඩුලු 3 ක් දවාගත් අතර වරුන් චක්‍රවර්ති ලකුණු 26කට කඩුලු 2 ක් දවාගත්තේය..

ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 67කදී දවාගැනීමට හයිද්‍රාබාද් පන්දු යවන්නන් සමත්විය.

එසේ වුවද වෙන්කටේෂ් අයියර් සහ නායක ශ්‍රෙයාස් අයියර් එක්ව කොල්කටා කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

වෙන්කටේෂ් අයියර් පන්දු 28කදී ලකුණු 51ක් රැස්කළ අතර ශ්‍රෙයාස් අයියර් පන්දු 24කදී ලකුණු 58ක් රැස්කළේය.

ඒ අනුව මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් සිව්වන අවස්තාව මෙයයි.

මීට පෙර අවසන් මහා තරගයකට කොල්කටා කණ්ඩායම ක්‍රීඩා කළේ 2021 වසරේදීය.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ දෙවන තරගය වෙනුවෙන් එළඹෙන සිකුරාදා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමඟ තරගවදිනු ඇති.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us