subash

subash

ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (11) රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

රට බෙදන , බුදු සසුන වනසන, රණවිරුවන් පාවාදෙන, වර්ග වාදයට උඩගෙඩි දෙන, විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන, ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනය අභිමුව රට හමුවේ ඇති සැබෑ අභියෝග යන මැයෙන් දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ සංවිධානයකර තිබුණු මහජන සම්මන්ත්‍රණයේදී නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ජාතික ජන බලවේගය බෞද්ධාගම සම්බන්ධයෙන් දරණ අදහස් ගැන සිය මතය උදාහරණ දක්වමින් පවසමින් සිටියදී සංවිධානාත්මකව එහහි පැමිණ සිටි පිරිසක් කළහාකාරී ලෙස හැසිරී ගැටුමක් ඇතිකරගෙන තිබේ.

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි.

දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවහන බලධාරීන් කටයුතු යොදා තිබේ.

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

ජවිපෙ 1994 දී නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමීණිමෙන් පස්සේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟින් සන්ධානගතවත් වෙනමත් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් දේශපාලනයෙහි යෙදී සිටියත් තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන නිශ්චිත අදහසක හිටියේ නැහැ. ප්‍රතිපත්තියක් තිබුණෙත් නැහැ. අවස්ථාවාදීව කටයුතු කිරීමක් දිගටම පෙන්නුවේ.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබේ.

ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ.

Connet With Us