තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබේ.

බලය, ධනය සහ දේශපාලන සබඳතා මත නීතිය ඉටු නොවු සංස්කෘතිය වෙනස් කර සියලු දෙනා නීතියට යටත්වන නව සංස්කෘතියක් ඇති කිරිමේ පියවර රජය මේ වන විට තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසයි.

 ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබේ.

කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කළ ද QR ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලි බල සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පවසයි.

ආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ​ඖෂධ මිල ගණන් අවම වශයෙන් සියයට විසිපහකින්වත් ඉහළ දමන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

උණරෝගයක් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතී.

මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

Page 8 of 1346

Connet With Us