News Items (18842)
දුම්කොළ භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට
දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසයි.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩීමක් සිදුකළ යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර තිබේ.
2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
තලංගම පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් පිටතට රැගෙන එනු ලැබීය.
කෙටි කාලීනව මෙරටට පැමිණෙන රටවල් 40ක පිරිස් සඳහා දින 30ක කාලයක් සඳහා පිරිනමන නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක වේ.
මොළේ උණ හෙවත් මෙනින්ජයිටිස් (Meningitis) රෝගය යම් පමණකට ප්‍රදේශ කිහිපයකට පැතිර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් දන්සල් සංවිධානය කිරීමේදී රජය නිකුත් කර ඇති චක්‍රලේඛ හා අදාළ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමට ක්‍රියාකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
