අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද (30) නිවේදනය කළේය.

මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත වෙසක් කලාප, තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.

අද (30) දිනට යෙදෙන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති අතර ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33 දෙනෙකු අද දිනයේ නිදහස ලැබෙනු ඇත.

අද වහිනවද ?

Published in පුවත්
Saturday, 30 May 2026 09:22

අද (30) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය, අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් පැවසීය.

සම්බුදු තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.

මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොංගෝ රාජ්‍යයේ දැනට පැතිර යන, ඉතා දුර්ලභ ගණයේ 'බන්ඩිබුගියෝ' (Bundibugyo) නැමැති එබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහිව Oxford විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නව එන්නතක් නිපදවමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

එබෝලා වෛරස එරෙහිව බ්‍රිතාන්‍යයෙන් නව එන්නතක්

 

2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දෙදින දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

Page 2 of 1346

Connet With Us