වෙසක් දින වෙනුවෙන් ජනපති ,අගමැතිනි සහ විපක්ෂ නායකගෙන් පණිවුඩ Featured

Published in පුවත්
Saturday, 30 May 2026 09:17

පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය, අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් පැවසීය.

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවුඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බවද ජනපති යොමුකළ වෙසක් පණ්වුඩයේ දැක්වේ.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බවයි .

සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටින්නේ, ​අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙසය.

මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් ඔහු අවධාරණය කර සිටින්නේ, ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us