සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළවළුවල තොග මිල යළිත් වරක් ඉහළ ගොස් තිබුණු අතර දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලට ඊයේ (19 වැනිදා) ලැබුණු එළවළුවලින් තොග මිල රුපියල් 100ට අඩු එළවළු තිබුණේ වට්ටක්කා, කැකිරි සහ පිපිඤ්ඤා පමණක් බව එම වෙළෙන්දෝ පවසති.

සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය මෙමස 31 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ සංශෝධනයක් නිකුත් කර ඇත.

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 20 May 2026 09:21

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක් ලෙස ඉබෝලා 'Ebola' වෛරස් රෝගය හැඳින්විය හැකිය.

හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590ක් පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙරට පරිභෝජනයට අවශ්‍ය සීනිවලින් සියයට 63 ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ අතර ඉන්දියාව විසින් සීනි අපනයනය සිකුරාදා (15 වැනිදා) සිට නතර කිරීමත් සමග සීනි මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි පිටකොටුවේ තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ කියා සිටිති.

Page 5 of 1346

Connet With Us