සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයට එරෙහි දුෂ්ඨ බලවේග රටපුරා බොරු ප්‍රචාරයන් සිදුකළ ද යල කන්නයට අවශ්‍ය සියලු පොහොර මේ වන විටත් රටතුළ පවතින බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය සඳහන් කරනවා.

මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි අතර ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

වසරකට මෙරටින් නව තැලසීමියා රෝගි ළමුන් හැටදෙනකු (60) වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම පැවැසුවාය.

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අනුරාධපුරයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අවස්ථා කිහිපයකදී දූෂණය කළ බව කියන අපරාධමය සිද්ධියට අදාළව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි ව්‍යාපාරිකයකු ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 05ක් හුවමාරු කර ගැනීම අද (08) පෙරවරුවේ සිදුවිය.

Connet With Us