දිට්වා ආපදාවෙන් විනාශ වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළා.
ලෝක උරුම ඇළහැර අමුණ පසුගියදා ඇතිවු දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වුණා. එය ප්‍රතිසංස්කරණය කිරීම වාරි මහිමය අපේ උරුමය ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.
එම කටයුතු ආරම්භ වූයේ අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද එම අවස්ථාවට එක්වුණා.
ඇළහැර අමුණේ පළමු අදියරේ ප්‍රතිසංස්කරණය සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 30ක්.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග බෙදා හැරීම ගොවි ජන සේවා මධ්‍යස්ථාන මඟින් සිදු කෙරෙන බවයි.

