මෙම වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන ජුනි 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ (16) දිනය තුළ ලැබුණු වර්ෂාපතනයේ අඩුවීමක් නිරීක්ෂණය කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

මුහුදු රළු වෙයි

Published in පුවත්
Saturday, 16 May 2026 15:30

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පැවතීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සහ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.

ජපානයට රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් හටගෙන තිබේ.

මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

බෙලරුස් රාජ්‍යයේ සංචාරයක නිතරව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා (Aleksandr Lukashenko) හමුවී ඇත.

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (14) මාරවිල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීම්වලදී, රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල (MRP) උල්ලංඝනය කරමින් සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට එරෙහිව දැඩි නීතිමය පියවර ගෙන තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Page 6 of 1346

Connet With Us