ගුරු වැටුප් වැඩි කරන ආකාරය ගැන ඇමති චන්දන ගෙන් පැහැදිලි කිරීමක්

Published in පුවත්
Friday, 15 May 2026 19:15

ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ලෝකය නිර්මාණය කරන ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීම රජයේ අපේක්ෂාව බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරට පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාදවී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර ඇත.

ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.

එහිදී චන්දන අබයරත්න මහතා පෙන්වා දුන්නේ, පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් මඟහැරී ඇති බවය.

පසුගිය අලුත් අවුරුදු සමයේ දියේ ගිලීමෙන් සිදු වූ මරණ දෙස බැලීමේදී දරුවන්ට පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා ලබාදීමේ වැදගත්කම පැහැදිලි වන බව අමාත්‍යවරයා කීය.

විෂය නිර්දේශ සංශෝධනය කරමින් අධ්‍යාපන පද්ධතියේ නව වෙනසක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ඉදිරියේදී 09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු අනාවරණය කළේය.

එමඟින් දරුවන්ට තමන්ගේ රුචිකත්වය පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමුවීමේ අවස්ථාව උදාවන අතර ඒ සඳහා වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට නියමිත බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us