වත්කම්, බැරකම් ලබන ජුනි 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දෙයි

Published in පුවත්
Sunday, 17 May 2026 10:08

මෙම වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන ජුනි 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙවර ලබාදිය යුත්තේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

‘‘2026 වර්ෂය සඳහා වන වත්කම් හා බැරකම් ප්‍රකාශ ඩිජිටල් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතුයි. වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් ඩිජිටල් ක්‍රමය යොදා තිබෙනවා. එම නිසා අතින් සම්පූර්ණ කරන ලද ප්‍රකාශයක් භාරගන්නේ නැහැ’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

‘‘මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය වන්නේ ලබන ජුනි 30 වැනිදායි. ජුනි මස අවසාන දිනවල පද්ධතියට එකවර විශාල පිරිසක් පිවිසීමෙන් ජාලයේ තදබදයක් ඇතිවිය හැකියි. එම නිසා අවසාන මොහොත වනතෙක් ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වී වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. නියමිත දිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් වෙනවා. දූෂණ විරෝධී පනත ප්‍රකාරව ලබන ජුනි 30 වන දිනට පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයන්ට අධිභාරයකට යටත් වීමට සිදුවෙනවා’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us