උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (14) පස්වරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 8.30 දක්වා වලංගු වන බව සඳහන්.
ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළ සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලබනවා.

