ඇමැති විජිත බෙලරුස් ජනපති හමුවෙයි

Published in පුවත්
Friday, 15 May 2026 09:00

බෙලරුස් රාජ්‍යයේ සංචාරයක නිතරව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා (Aleksandr Lukashenko) හමුවී ඇත.

​ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන සාධනීය මැදිහත්වීම් පිළිබඳව සිදුකළ සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

එහිදී දෙරටටම ප්‍රතිලාභ සැලසෙන වෙළඳ, කර්මාන්ත, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ දෙරටේ ජනතාව අතර සබඳතා වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැහැදිලි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

​දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේදී, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us