වට්ටක්කා, කැකිරි සහ පිපිඤ්ඤා හැර අනෙකුත් එළවලු මිළ නැවතත් ඉහළට

Published in පුවත්
Wednesday, 20 May 2026 11:36

සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එළවළුවල තොග මිල යළිත් වරක් ඉහළ ගොස් තිබුණු අතර දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලට ඊයේ (19 වැනිදා) ලැබුණු එළවළුවලින් තොග මිල රුපියල් 100ට අඩු එළවළු තිබුණේ වට්ටක්කා, කැකිරි සහ පිපිඤ්ඤා පමණක් බව එම වෙළෙන්දෝ පවසති.

උඩරට එළවළු කිහිපයක කිලෝවක තොග මිල රුපියල් 500 ඉක්මවා අලෙවි වූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුසාශක ශාන්ත ඒකනායක පැවසීය.

කොළඹ මැනිං, මීගොඩ, වේයන්ගොඩ ඇතුළු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින් සහ දිවයින පුරා ප්‍රධාන නගරවලින් එළවළු තොග ගැනුම්කරුවෝ සාමාන්‍ය ලෙස පැමිණි බව තොග වෙළෙන්දෝ පැවසීය.

බෝංචි කිලෝවක් රුපියල් 550-620, මාළු මිරිස් රුපියල් 550- 600, වම්බටු කිලෝවක් රුපියල් 350ක් 380, කැරට් කිලෝවක් රුපියල් 330 -350, අමු මිරිස් කිලෝවක් රුපියල් 200- 250, ගෝවා කිලෝවක් 100-130 ලෙස ඊයේ දඹුල්ල තොග වෙළඳපොළේ එළවළු තොග මිල දැක්විණි.

වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා එළවළු තොග මිල රුපියල් සියය ඉක්මවා නොගිය බව තොග වෙළෙන්දෝ පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us