ඒ අනුව, මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.70ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල ලෙස රුපියල් 338.07ක් ලෙස සටහන් වී තිබුණි.
මේ අතර අද දිනයේ රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් ලෙස සටහන් ව තිබේ.
එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 335.65ක් ලෙසය.

