එබෝලා වෛරස එරෙහිව බ්‍රිතාන්‍යයෙන් නව එන්නතක්

Published in පුවත්
Wednesday, 27 May 2026 16:10

කොංගෝ රාජ්‍යයේ දැනට පැතිර යන, ඉතා දුර්ලභ ගණයේ 'බන්ඩිබුගියෝ' (Bundibugyo) නැමැති එබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහිව Oxford විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නව එන්නතක් නිපදවමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

එබෝලා වෛරස එරෙහිව බ්‍රිතාන්‍යයෙන් නව එන්නතක්

 

ඉදිරි මාස 2-3 ඇතුළත මෙහි සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ඔවුහු බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.

මෙම ඉබෝලා ප්‍රභේදය වැළඳෙන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ මිය යන අතර, මේ වන විට කොංගෝ රාජ්‍යයේ මරණ 177ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එරට සෞඛ්‍ය අවදානම ඉතා ඉහළ මට්ටමකට නම් කර තිබේ.

මෙම එන්නත නිපදවීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ Covid-19 වසංගත සමයේදී Oxford-AstraZeneca එන්නත නිපදවීමට භාවිතා කළ ChAdOx1 නැමැති තාක්ෂණයමය බව සඳහන් වෙයි.

මෙය වෛරස්වලට ගැලපෙන සේ ඉතා ඉක්මනින් වෙනස් කළ හැකි තාක්ෂණයකි.

චිම්පන්සීන්ගෙන් ලබාගෙන මිනිසාට හානි නොවන සේ වෙනස් කරන ලද සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සාදන වෛරසයක් ආධාරයෙන්, ඉබෝලා වෛරසයට එරෙහිව සටන් කිරීමට මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම මෙහිදී සිදු කෙරේ.

මේ අතර, දැනට සතුන් ඇසුරින් මෙහි පරීක්ෂණ Oxford හිදී සිදුවන අතර, එය සාර්ථක වුවහොත් ඉන්දියාවේ "සීරම් ඉන්ස්ටිටියුට්" Serum Institute of India ආයතනය විසින් මෙම එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෙය කොවිඩ් එන්නත මෙන් රටක සැමටම එකවර ලබා දෙන්නේ නැත.

ඒ වෙනුවට "රිං වැක්සිනේෂන්" (Ring vaccination) ක්‍රමයට, එනම් වෛරසය වැළඳුණු රෝගීන්ගේ සමීපතයන්ට සහ රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයන්ට පමණක් ආරක්ෂාව සඳහා මුලින්ම ලබා දෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us