විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මගින් ඒ පිළිබඳව බිම් මට්ටමින් සොයා බලා සෞඛ්‍ය ආරක්ෂිතව පමණක් දන්සල් සංවිධානය කිරීමට අවසර ලබාදෙනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
මොළේ උණ රෝගය පමණක් නොව වෙනත් රෝගයක් වුවද ආහාර, අපවිත්‍ර ජලය මගින් බෝ වී යා හැකි බැවින් දන්සල් සංවිධානය කිරීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඒ කටයුතු කටයුතු පිළිබඳව නිසියාකාරව සොයා බලනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය.

