මෙරට ජනතාවගෙන් 84%ක් ඇස් දන්දීමට කැමති

Published in පුවත්
Monday, 11 May 2026 19:01

මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක් ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එය ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවූ වසර 15ක කාලය තුළ එම බැංකුව වෙත ලැබුණු අක්ෂි කුනිත 17,000ක් රෝගීන් 12,000කට බද්ධ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම බද්ධ කිරීම් ඉතා සාර්ථක බවයි අමාත්‍යංශ්‍ය පවසන්නේ.

වෙනත් රටවල අවශ්‍යතා සහ ඉල්ලීම් මත අක්ෂි කුනිත 5,000ක ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

මෙරට අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත ආයතනයක් වන අතර සිංගප්පූරුව / දකුණු අප්‍රිකාව මෙන්ම අනෙකුත් අසියානු රටවලින් මෙරට අක්ෂි බැංකුවේ ඇති අක්ෂි කුනිත සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

Last modified on Monday, 11 May 2026 19:02

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us