අධික ශබ්දය සහ කළු දුම පිටකරන වාහන වලට නීතිය දැඩිවෙයි

Published in පුවත්
Monday, 11 May 2026 18:53

අමිහිරි අධික ශබ්දය සහ කළු දුම පිටකරන වාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරනවා.

මෙවැනි රථවාහන දුටුවිට වාහනයේ අංකය , සිද්ධිය වූ දිනය හා ස්ථානය සඳහන් කර වට්ස් ඇප් පණිවුඩයක් එවන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මහමග ධාවනය කෙරෙන ඇතැම් වාහන අන්තරායදායක ලෙස නවීකරණය කරන ලද ඒවා බව පොලීසිය පවසනවා.

මෝටර් වාහන වල අන්තරායදායක කොටස් සවි කිරීම , සයිලන්සරය ඔස්සේ අධික අමිහිරි කටෝර ශබ්දය පිටකිරීම මගින් ජනතාව පීඩාවට පත්වනවා.

මෝටර් වාහන ආඥා පනතට අනුව මෙලෙස අන්තරායදායක උපාංග සවිකිරීම නීතිවිරෝධී වනවා.

නිවිනිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් , විවිධ නලා , චිත්‍ර වෙළඳ දැන්වීම් සහ ඉෂ්ඨ රූප ප්‍රදර්ශනය , වර්ණය වෙනස් කිරීම ආදිය තහනම් වනවා.

එසේම ඇතැම් රථවාහන වලින් කළු දුම පිටවීම නිරීක්ෂණය කළ හැකියි.

එවැනි අවස්ථාවල 070 3500 525 යන වට්ස්ඇප් අංකයට යොමුකරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ තුළින් අනතුරු මෙන්ම පරිසර හානිය ද වළක්වා ගත හැකි බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us