කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

Published in පුවත්
Tuesday, 12 May 2026 11:01

කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ද භාණ්ඩාගාරයෙන් මේ වන විටත් වෙන්කර ඇති බවය.රටතුළ පොහොර හිගයක් නොමැති අතර පෙහොර මිලෙහි යම් කිසි වැඩිවීමක් ඉදිරියේ දී සිදුවිය හැකි බව සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

''ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක පොහොර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. ඒකත් එක්ක අපි ගේන පොහොරවල මිල ඉහළ යාමට ලක්වෙනවා.. පොහොර සපයනවා අඛණ්ඩව.. මිල ඉහළයාමක් වෙනවා.. මිල ඉහළ ගිහිල්ලා ගොවියට වෙන පීඩනය වළක්වන්න වී ගොවියට අපි හෙක්ටයාරයට රුපියල් 5,000ක සහනාධාරයක් දුන්නා.. මේ යුදමය තත්ත්වය නිසා අතිරේකව දුන්නා.. මේක හෙක්ටයාර 2ක් දක්වා දෙනවා.. ඒ කියන්නේ රුපියල් 10,000ක් හම්බවෙනවා.. අපි කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක සහනාධාරයක් දෙන්න තීන්දු කළා මේ යුද්ධය නිසා.. ඒ අනුව පොහොර හිඟයක් ඇති වෙන්නේ නෑ.. මිල ඉහළ යාමක් වෙන්න පුලුවන්.. ඒ මිල ඉහළ යාමේදී ගොවියාට වෙන්න පුලුවන් පාඩුව අවම කිරීමට රජය මේ විදිහට සහනාධාරයක් වැඩි කරලා ලබා දෙනවා..'

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us