නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Published in පුවත්
Tuesday, 12 May 2026 17:42

 ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ නායයෑම් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබේ.

එම සංවිධානය පැවසුවේ අදියර 01 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙසත් සහ අදියර 02 යටතේ අවධානයෙන් සිටින ලෙසත් දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස දන්වා තිබේ.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, පාතහේවාහැට, යටියන්තොට, ගඟඉහළ කොරළය, අකුරණ, ගඟවට කෝරළය, දොළුව, පස්බාගේ කෝරළය, පාතහේවාහැට, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නෙළුව, අඹන්ගඟ කොරළය, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බඩල්කුඹුර, රත්නපුර දිස්ත්‍රික්කයේ කළවාන, ගොඩකවෙල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්බවින් සිටින ලෙසත් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us