රටේ ඉන්ධන සංචිත කළමනාකරණය සඳහා මෙම ක්‍රමය ඉදිරියට ද පවත්වාගෙන යන බවද ඇමැතිවරයා ඊයේ [11 වැනිදා] කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැසුවේය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති අනුර කරුණාතිලක මෙසේ ද පැවැසුවේය.
‘‘ඇත්තට ම අපිට කිව්.ආර්. එකක විශේෂයෙන් අවශ්‍යතාව පැන නැගුණේ අනවශ්‍ය විදිහට ඉන්ධන භාවිතය යම් විදිහකට සීමා කරන්න. ඒ වගේ ඉන්ධන ගැටලුව නිසා අනවශ්‍ය මිලදී ගැනීම් පාලනය කරන්නත්, ඒ වගේම අනවශ්‍ය පෝලිම් ඉන්ධන පිරවුම්හල් අසල ඇති වීම වළක්වා ගැනීම සඳහා තමයි අපිට කිව් ආර් එකක අවශ්‍යතාවය තිබුණේ. අපිට දැන් ඉන්ධන සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නැති වුණත් අප තවමත් හිතනවා විශාල වශයෙන් මේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා අනවශ්‍ය ඩොලර් ප්‍රමාණයක් රටෙන් පිටතට ගලා යාම වළක්වා ගැනීම සඳහා ඉන්ධන පරිභෝජනය යම් සීමාවක් අපි හදාගන්න ඕන කියලා. ඒ නිසා දැනට බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව් ආර් එක නැති කරලා දාන්න ‘’

