2020 ශ්‍රී ලංකා රෑ රැජින කිරුළ හිමිකර ගැනීමට පිළියන්දල හැඩිගම පදිංචි 17 හැවිරිදි ශෙන්යා විජේරත්න සමත් වී තිබෙනවා.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘‘කොවිඩ් ටන්’’ යනුවෙන් හැදින්වෙන වෛරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග මෙරට ජනතාව වඩාත් කල්පනාකාරීව සිටින ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද (19) දිනයේ පළමු වරට සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ හෝටල් සහ සේවා සපයන්නන් සඳහා "Safe & Secure" සහතිකය ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කටයුතු කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (18) දින වාර්තා කරනු ලැබීය.

දළදා මාලිගා පරිශ්‍රයේ ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

බූස්ස සතොස තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නියමකර තිබේනවා.

මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.

චම්පික රණවක තමන්ගේ අලුත් දේශපාලන ව්‍යාපාරය වන 43 වෙනි සේනාංකයේ කටයුතු සමාජගත කරමින් පවසා සිටියේ මේ ආණ්ඩුව පෙරළා දමන බවය.

කොරෝන වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කල බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Connet With Us