එළඹෙන 21 වනදා සිට සංචාරකයන් මෙරටට පැමිණිමේ සිට පිටව යාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් ගේ තොරතුරු ලේඛනගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් (Low-floor bus) නව බස්රථ 200ක් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේනවා.

රාජකාරී සම්බන්ධයෙන් නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

කොවිඞ් 19 වෛරසය ආසාදනය වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මාක්ස් පැළද නොසිට, මාක්ස් පළඳින්න යැයි ජනතාවට කියමින් රටට නීති හදන්න සුදානම් වන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල පවසනවා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා 2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී සිදුකළ මත පළ කිරීම් වලින් අධිකරණයට අපහාසයක් යැයි චෝදනා කරමින් ඒ මහතාට එරෙහි පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නිගමනය කර අද බරපතල වැඩ ඇතිව වසර 4ක බරපතල වැඩ සහිත සිර දණ්ඩුවමක් නියමකර තිබේ.

කොරෝනා අර්බුදයත් සමග ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩිවෙමින් පවතින බවත් විදේස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට දරන උත්සාහය හා සමානව අලුත් රැකියා අවස්ථා ලබාගැනීමේ උත්සාහයකත් රජය යෙදෙන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (11 වැනිදා) දැනුම් දී තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ.

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් චීනය මගින් මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී තිබේ.

 අලුත් බද්ධක්  

Published in පුවත්
Tuesday, 12 January 2021 10:19

2021 අයවැයේ යෝජනා කර ඇති නව බදු ක්‍රමය හඳුන්වා දෙන තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාණ්ඩ හා සේවා බදු එකතු කිරීම නවතා දමා ඇති බැවින් රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයට ලක්ව ඇත.

Connet With Us