මාක්ස් පළඳින්න යැයි ජනතාවට කියමින් මාක්ස් නොපැළද සිටි හකීම්  

Published in පුවත්
Tuesday, 12 January 2021 12:25

කොවිඞ් 19 වෛරසය ආසාදනය වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මාක්ස් පැළද නොසිට, මාක්ස් පළඳින්න යැයි ජනතාවට කියමින් රටට නීති හදන්න සුදානම් වන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල පවසනවා.

බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීත් ඇතැම් විට පාර්ලිමේන්තු සභා ගර්භය තුළත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මුව ආවරණයක් නොපැළඳ කටයුතු කරන අයුරු සීසීටීවී දර්ශනවලින් දැක ගැනීමට හැකි බවත් ඔහුගේ මේ වගකීම් විරහිත හැසිරීම පාර්ලිමේන්තුවට ලැජ්ජාවක් බවත් කිරිඇල්ල ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් තමාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් තමාගේ ආශි‍්‍රතයන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් රවුෆ් හකීම් පසුගියදා සිය ට්විටර් ගිණුම මගින් ප‍්‍රකාශ කර තිබිණි.

ඒ සමග රවුෆ් හකීම් මන්තී‍්‍රවරයාගේ පාර්ලිමේන්තු ආශි‍්‍රතයන් ලෙස සැලකෙන මන්තී‍්‍රවරු පීසීආර් සිදු කළ යුතු බවට දැනුම් දුන් අතර විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල ද ඒ අතර විය. කෙසේ වෙතත් කිරි ඇල්ල පවසන්නේ ඔහු ප්.සි.ආර් . පරීක්ෂණය කල බවත් එම වාර්තාව ලැබුණු විගස එය කථානායකවරයාට ලැබෙන්නට සලස්වන බවත්ය.

 

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 12 January 2021 12:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us