ඇමරිකාව උණුසුම් වේ

Published in පුවත්
Thursday, 07 January 2021 10:57

වොෂින්ටනය තාවකාලික වසා දැමීමට පියවර ගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

රට තුළ පවතින වසංගත අර්බුධය හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල්දැමීමට සිදුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින්. නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වෛරසයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා ව්‍යාජ තොරතුරු ලබාදී පොලීසිය නොමග යැවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේනවා.

බෞද්ධ දහම් පාසැල් ජනවාරි 17වනදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. පවතින වසංගතය හේතුවෙන් දහම් පාසැල් තාවකාලිකව වසා දැමුණා. නමුත් හුදෙකලා කළ ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

n

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කළමනාකරණය කිසිදු විදේශීය සමාගමකට පැවැරීමට තීරණය කර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව හමුවේ සහතිකයක් ලබාදෙන ලදී.

පාසැල් සිසුන් සදහා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අවශ්‍ය සියලුම පෙළපොත් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් පවසනවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් සහ සතොස හිටපු සාමාන්‍යාධිකාරී මොහොමඩ් අස්ලම් යන අයට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේනවා.

පසුගිය සමයේ ඇතැම් හෝටල් වලින් නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අය කිරීම් ගැන විමර්ශනය කල යුතුබව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය, කළමනාකරණ අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මිට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේදී ජ.වී.පෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කල ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

පසුගිය දිනවල නැගෙනගිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් දක්වමින් කියා සිටියේද නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බවයි. එසේම වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පසුගිය යහපාලන සමයේ විවිධ හේතුන් මත ඉතිරි ගොඩනැගිලි ඉදි කිරීම් නතර කර තිබු අතර මෙම පර්යන්තය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය විසදුම් යෝජනා කිරීමට කැබිනට් මණ්ඩලය කමිටු දෙකක් පත්කර තිබෙන බවත්, එම කමිටු වාර්තාවට අනුව රජය ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සදහන් කර සිටියා .

Connet With Us