ඊයේ හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 569ක්

Published in පුවත්
Tuesday, 12 January 2021 09:52

අද (12) උදෑසන වන විට නව කොවිඩ් ආසාදිතයින් 569 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොව්ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම ආසාදිතයින් 569 අතරින් එක ආසාදිතයෙක් පමණක් විදෙස් රටකින් පැමිණි ශ්‍රී ලාංකිකයෙක් බවයි වාර්තා වෙන්නේ.ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගියේ ය.

ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.

ඊයේ තවත් කොරෝනා මරණ 8ක් තහවුරු වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ සියල්ලක්ම විවිධ අසනීප තත්වයන්ගෙන් පෙළුණු පුද්ගලයින් බවයි තහවුරු වී ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us